මාගේ පුත්රය, මාගේ ඔවා බස් හිතට ගන්න;
මාගේ උපදෙස් සිතෙහි නිදන් කරගන්න.
ප්රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න.
නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න.
රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න;
සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න.
එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි.
දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි.