1
ගණන් කථාව 22:28
Sinhala New Revised Version
NRSV
එවිට සමිඳාණන් වහන්සේ කොටළුවාට කතා කිරීමේ බලය දුන් සේක. ඌ බාලාම්ට කතා කොට, “ඔබ මට තුන් වතාවක් ම පහර දුන්නේ මා ඔබට කුමන වරදක් කළ නිසා දැ”යි ඇසී ය.
Compare
Explore ගණන් කථාව 22:28
2
ගණන් කථාව 22:31
එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි.
Explore ගණන් කථාව 22:31
3
ගණන් කථාව 22:32
සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “නුඹේ කොටළුවාට නුඹ තුන් වතාවක් පහර දුන්නේ මන් ද? නුඹ මේ ගමන නොයා යුතු බැවින්, නුඹට අවහිර කිරීමට මම ආවෙමි.
Explore ගණන් කථාව 22:32
4
ගණන් කථාව 22:30
එවිට කොටළුවා බාලාම්ට කතා කොට, “මා ඔබට අයිති වූ දින සිට අද දක්වා ඔබ නැඟී ගිය ඔබේ කොටළුවා මම නොවෙම් ද? මින් ඉහත කවදා වත් මේ විදියට මම ඔබට සංග්රහ කෙළෙම් දැ”යි ඇසූ විට, ඔහු “නැතැ”යි පිළිතුරු දුනි.
Explore ගණන් කථාව 22:30
5
ගණන් කථාව 22:29
බාලාම් ඌට කතා කොට, “මා නුඹට එසේ කෙළේ නුඹ මට සරදම් කරන බැවිනි. මා අත කඩුවක් තිබුණා නම් නුඹ මරාදමන එක සිකුරු ය”යි කීවේ ය.
Explore ගණන් කථාව 22:29
6
ගණන් කථාව 22:27
මෙවර කොටළුවා සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, බාලාම් ඌ පිට සිටිය දී ම බිම වැදහොත්තේ ය. ඔහු තදින් රොස් වී, කෙවිටෙන් ඌට පහර දෙන්නට විය.
Explore ගණන් කථාව 22:27
Home
Bible
Plans
Videos