1
යෙසායා 35:10
Sinhala New Revised Version
NRSV
ගැළවීම ලැබූ ඔව්හු ප්රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.
Compare
Explore යෙසායා 35:10
2
යෙසායා 35:3-4
බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න; බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”
Explore යෙසායා 35:3-4
3
යෙසායා 35:8
ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ.
Explore යෙසායා 35:8
4
යෙසායා 35:5
අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය. බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය.
Explore යෙසායා 35:5
5
යෙසායා 35:6
කොර අය මුවන් මෙන් දුව පනින්නෝ ය. ගොළු අය ප්රීතියෙන් ගී ගයන්නෝ ය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේ ය. මරුකතරෙන් ඇල දොළවල් බිඳී එන්නේ ය.
Explore යෙසායා 35:6
Home
Bible
Plans
Videos