1
හෙබ්‍රෙව් 10:25
Sinhala New Revised Version
NRSV
ඇතැම් අය කරන ලෙස අපේ ම රැස්වීම්වලින් ඈත් ව නොසිට, සමිඳාණන් වහන්සේගේ දිනය ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්ය දෙමු.
Compare
Explore හෙබ්‍රෙව් 10:25
2
හෙබ්‍රෙව් 10:24
තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු.
Explore හෙබ්‍රෙව් 10:24
3
හෙබ්‍රෙව් 10:23
පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුවෙහි නොසෙල්වී, ස්ථීර ව පිහිටා සිටිමු.
Explore හෙබ්‍රෙව් 10:23
4
හෙබ්‍රෙව් 10:36
දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කොට උන් වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍ය ය.
Explore හෙබ්‍රෙව් 10:36
5
හෙබ්‍රෙව් 10:22
එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.
Explore හෙබ්‍රෙව් 10:22
6
හෙබ්‍රෙව් 10:35
මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න.
Explore හෙබ්‍රෙව් 10:35
7
හෙබ්‍රෙව් 10:26-27
සත්‍යය අවබෝධ වූ පසු අපි දැන දැන ම පව් කරමු නම්, පව් දුර ලන පූජාවක් අපට තවත් නැත. අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි.
Explore හෙබ්‍රෙව් 10:26-27
Home
Bible
Plans
Videos