මොර්දෙකයි ද මේ සිද්ධීන් වාර්තාගත කර අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ළඟ හා දුර සිටි සියලු ජුදෙව්වරුන්ට ලියුම් යවමින්, වසරක් පාසා වසරක් අදාර් මාසයේ දහහතර වන දාත් පහළොස් වන දාත් උත්සව දිනයක් ලෙස පවත්වන්නට නියම කෙළේ ය. එසේ කෙළේ, ඒ දෙදවසේ දී, ජුදෙව්වරුන් නිදහස ලැබූ නිසාත්, ඒ මාසයේ දී ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ දොම්නස සොම්නසටත් හැරුණ නිසාත් ය. ඒවා ප්‍රීතිමත්, එකිනෙකාට කෑම හා තෑගි යවන දිළිඳුන්ට දන් දෙන මංගල්‍ය දවස් ලෙස පවත්වන්නට යැයි ඔවුන්ට නියම කරන ලදී.