1
එස්තර් 6:1-2
Sinhala New Revised Version
NRSV
එදා රාත්‍රියේ රජුට නින්ද නොගියේ ය. එබැවින් ඔහු සිහි කටයුතු සිදුවීම් පිළිබඳ වාර්තා පොත ගෙනෙන්නට අණ කෙළේ ය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේ ය. අහෂ්වේරොෂ් රජු මරන්න සෙවූ වාසල රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වන බිග්තාන් ද තෙරෙෂ් ද ගැන මොර්දෙකයි සැළ කළ වග එහි සටහන් කර තිබිණි.
Compare
Explore එස්තර් 6:1-2
2
එස්තර් 6:6
හාමාන් ඇතුල් වූ විට රජතුමා ඔහුට කතා කොට, “රජු ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය. එවිට හාමාන්, “මා මිස රජු ගෞරව කරන්නට කැමැති වෙන කෙනෙක් නැතැ”යි සිතාගෙන, රජුට මෙසේ පිළිතුරු දෙමින්
Explore එස්තර් 6:6
3
එස්තර් 6:10
එවිට රජ හාමාන්ට කතා කොට, “ඉක්මන් කර ඔබ කී වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන, රජ වාසල් දොරටුව ළඟ හිඳින ජුදෙව් ජාතික මොර්දෙකයිට එසේ කරන්න. ඔබ කී සියල්ලෙන් අඩුවක් නැතිව කරන්නැ”යි කීවේ ය.
Explore එස්තර් 6:10
Home
Bible
Plans
Videos