මාගේ දෙවියන් වහන්ස, ඔබේ කන් යොමු කර ඇසු ව මැනව; ඔබේ ඇස් ඇර අපේ අසරණකම ද ඔබේ නාමය දරන නුවර ද බැලුව මැනව. මන්ද, අපේ කන්නලව් අප ඔබ ඉදිරියේ ඔප්පු කරන්නේ, අපේ ම ධර්මිෂ්ඨකමක් නිසා නොව, ඔබේ ම මහත් දයාව නිසා ය. සමිඳාණන් වහන්ස, ඇසුව මැනව, සමිඳාණන් වහන්ස, කමා වුව මැනව; සමිඳාණන් වහන්ස, සවන් දී ක්රියා කළ මැනව. මාගේ දෙවියන් වහන්ස, ඔබේ ගෞරවය උදෙසා ප්රමාද නුවුව මැනව. මන්ද, ඔබේ නුවරත්, ඔබේ සෙනඟත් ඔබේ නාමය දරන බැවිනි.”