1
2 කොරින්ති 1:3-4
Sinhala New Revised Version
NRSV
කරුණාවේ පියාණන් වූ ද, සකල සැනසීම දෙන දෙවියන් වූ ද, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ අපගේ සෑම පීඩාවල දී අප සනසන සේක. එසේ කරන්නේ දෙවියන් වහන්සේගෙන් අප ලබන සැනසීම කරණකොටගෙන සියලු ආකාර පීඩා විඳින්නන් සනසන්නට අපටත් හැකි වනු පිණිස ය.
Compare
Explore 2 කොරින්ති 1:3-4
2
2 කොරින්ති 1:5
ක්‍රිස්තුන් වහන්සේගේ අධිකතර වේදනාවලට යම් සේ අපි පංගුකාරයෝ වීමු ද, එසේම උන් වහන්සේගේ අධිකතර සැනසිල්ලටත් අපි පංගුකාරයෝ වෙමු.
Explore 2 කොරින්ති 1:5
3
2 කොරින්ති 1:9
මරණ තීන්දුව ලැබුවාක් මෙන් අපට හැඟුණි. එසේ වූයේ, අප කෙරෙහි ම විශ්වාසය නොතබා, මළවුන් උත්ථාන කරන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය තබන පිණිස ය.
Explore 2 කොරින්ති 1:9
4
2 කොරින්ති 1:21-22
ක්‍රිස්තුන් වහන්සේ තුළ, ඔබ සමඟ අප ශක්තිමත් කරන්නේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ අප ආලේප කර, උන් වහන්සේගේ මුද්‍රාව අප පිට තබා, අපගේ සිත් තුළ, අපට අත්තිකාරමක් වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවා වදාළ සේක.
Explore 2 කොරින්ති 1:21-22
5
2 කොරින්ති 1:6
අපි පීඩා විඳිමු නම් එය විඳින්නේ ඔබගේ සැනසීම හා ගැළවීම පිණිස ය. අපි සැනසීම ලබමු නම් එය ලබන්නේ ඔබත් අප මෙන් ඉවසීමෙන් දුක් විඳින විට, සැනසීම ලබන පිණිස ය.
Explore 2 කොරින්ති 1:6
Home
Bible
Plans
Videos