1
2 වංශාවලියේ 20:15
Sinhala New Revised Version
NRSV
ඔහු කතා කොට, “සියලු ජුදාවරුනි, ජෙරුසලම් වැසියෙනි, ජෙහෝෂාපාට් රජතුමෙනි, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ හැමට මෙසේ කියන සේක: ‘මේ විශාල සමූහය නිසා බිය නොවන්න; නොකැළඹෙන්න, මන්ද, මේ යුද්ධය ඔබ සැමගේ නොව දෙවියන් වහන්සේගේ වන බැවිනි.
Compare
Explore 2 වංශාවලියේ 20:15
2
2 වංශාවලියේ 20:17
ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේ දී ඔබ සටන් කරන්න ඕනෑ නැත.’ සැරසී නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබට දෙන ගැළවීම බලා සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින නිසා බිය නොවී, නොකැළඹී, හෙට ඔවුන් වෙත පිටත් ව යන්නැ”යි පැවසී ය.
Explore 2 වංශාවලියේ 20:17
3
2 වංශාවලියේ 20:12
අපේ දෙවියන් වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරන සේක් ද? මන්ද, අපට විරුද්ධ ව එන මේ විශාල සෙනඟ ඉදිරියෙහි සිටින්න අපට ශක්තිය නැත: අපි කුමක් කරමු ද කියාත් නොදනිමු. එබැවින්, අපේ ඇස් ඔබ දෙස ම යොමු කර තිබේ.”
Explore 2 වංශාවලියේ 20:12
4
2 වංශාවලියේ 20:21
ඔහු සෙනඟ සමඟ සම්මන්ත්රණය කොට සමිඳාණන් වහන්සේට ගායනා කරන්නන් පත් කෙළේ ය. ඔව්හු නමස්කාරයට සුදුසු ඇඳුම් ලා ගෙන යුද්ධ සේනාවට පෙරටු ව යමින්, උන් වහන්සේට ප්රශංසා කරමින්, “සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ගැයුවෝ ය.
Explore 2 වංශාවලියේ 20:21
5
2 වංශාවලියේ 20:22
ඔවුන් ප්රීති ඝෝෂාව ද ප්රශංසාව ද පටන්ගත් වේලාවේ දී ජුදාහි ජනයාට විරුද්ධ ව අවුත් සිටි අම්මොන්වරුන්ට සහ මෝවබ්වරුන්ට ද සේයිර් කඳුකරයේ වැසියන්ට ද විරුද්ධ ව සැඟවී සිට පහර දෙන සේනාවක් සමිඳාණන් වහන්සේ සිටවූ සේක. ඔව්හු පැරදුණෝ ය.
Explore 2 වංශාවලියේ 20:22
6
2 වංශාවලියේ 20:3
එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්රකාශ කෙළේ ය.
Explore 2 වංශාවලියේ 20:3
7
2 වංශාවලියේ 20:9
‘අප පිට යම් විපත්තියක් එනම්, යුද්ධයක් හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමිණියොත්, ඔබේ මේ මාලිගාව ඔබේ නාමය දරන නිසා, අපි මේ මාලිගාවෙහි හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේ දී ඔබට යාච්ඤා කරන්නෙමු, එවිට ඔබ ඇහුම්කන් දී අප ගළවන සේකැ’යි කීවෝ ය.
Explore 2 වංශාවලියේ 20:9
8
2 වංශාවලියේ 20:16
හෙට ඔවුන්ට විරුද්ධ ව යන්න. බලන්න, ඔව්හු ශීශ් නම් බෑවුමෙන් නැඟී එති; ජෙරුයෙල් පාළුකරය ඉදිරිපිට මිටියාවතේ කෙළවර දී ඔව්හු ඔබ සියල්ලන්ට සම්බ වන්නෝ ය.
Explore 2 වංශාවලියේ 20:16
9
2 වංශාවලියේ 20:4
සමිඳාණන් වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස ජුදාවරු රැස් වූවෝ ය. ජුදාහි සියලු නගරවලින් ඔව්හු සමිඳාණන් වහන්සේට යැදීමට ආවෝ ය.
Explore 2 වංශාවලියේ 20:4
Home
Bible
Plans
Videos