1
ගීතාවලිය 42:11
Sinhala Revised Old Version
SROV
එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්රශංසා කරන්නෙමි.
Compare
Explore ගීතාවලිය 42:11
2
ගීතාවලිය 42:1-2
දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය. දෙවියන්වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ. මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනෙම්ද?
Explore ගීතාවලිය 42:1-2
3
ගීතාවලිය 42:5
එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්රශංසා කරන්නෙමි.
Explore ගීතාවලිය 42:5
4
ගීතාවලිය 42:3
නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්රි දෙක්හි මට කෑම විය.
Explore ගීතාවලිය 42:3
5
ගීතාවලිය 42:6
මාගේ දෙවියන්වහන්ස, මාගේ ආත්මය මා තුළෙහි මලානිකවෙයි. එබැවින් යොර්දාන් දේශයෙත් හෙර්මොන් කඳුවලත් මිශාර් කන්දෙත් සිට ඔබ සිහිකරමි.
Explore ගීතාවලිය 42:6
Home
Bible
Plans
Videos