එකල මම ඔවුන්ට කථාකොට: අපට තිබෙන විපත්තිය එනම් යෙරුසලම පාළුව තිබෙන හැටිද ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙන හැටිද නුඹලාට පෙනෙයි. ඉතින් තවත් අපට නින්දා නොපැමිණෙන පිණිස යෙරුසලමේ පවුර ගොඩනගමුයයි කියා, මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. ඔව්හුද: අපි නැගිට ගොඩනගමුයයි කීවෝය. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවිකර ගත්තෝය.