1
යෝෂුවා 14:11
Sinhala Revised Old Version
SROV
මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි. යුද්ධකරන්ටත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන්ම දැනුත් තිබේ.
Compare
Explore යෝෂුවා 14:11
2
යෝෂුවා 14:12
එබැවින් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී සඳහන් කළ මේ කන්ද මට දුන මැනවි; එහි අනාක්වරුන් සිටින බවද පවුරු ඇති මහත් නුවරවල් තිබෙන බවද නුඹ ඒ දවසේදී ඇසුවෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස සමහරවිට උන්වහන්සේ මා සමඟ සිට ඔවුන් එළවන්ට මට පුළුවන්කරනසේකැයි කීවේය.
Explore යෝෂුවා 14:12
3
යෝෂුවා 14:10
බලව, ඉශ්රායෙල්වරුන් කාන්තාරයෙහි හැසුරුණු කල්හි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ සතළිස් පස් අවුරුද්ද තුළ ස්වාමීන්වහන්සේ කී හැටියට මා ජීවත්කොට රක්ෂාකළසේක. අද මම අසූපස් අවුරුද්දක් වයස්ව සිටිමි.
Explore යෝෂුවා 14:10
Home
Bible
Plans
Videos