1
යෝෂුවා 10:13
Sinhala Revised Old Version
SROV
එවිට සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සූර්යයා නැවතී සිටියේය, චන්ද්‍රයාද නැවතුණේය. මෙපවත් යාෂාර්ගේ පොතේ ලියා තිබෙනවා නොවේද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැසීමට ඉක්මන් නොවී අහස මැද සිටියේය.
Compare
Explore යෝෂුවා 10:13
2
යෝෂුවා 10:12
ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේට කථාකොට මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහිදී කියනුයේ: එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද, චන්ද්රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය.
Explore යෝෂුවා 10:12
3
යෝෂුවා 10:14
ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ හඬ ඇසූ එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවීය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් උදෙසා සටන්කළසේක.
Explore යෝෂුවා 10:14
4
යෝෂුවා 10:8
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද මා විසින් ඔවුන් නුඹ අතට පාවාදී තිබේ; ඔවුන්ගෙන් කිසිවෙක්වත් නුඹ ඉදිරියේ නොසිටින්නේයයි කීසේක.
Explore යෝෂුවා 10:8
5
යෝෂුවා 10:25
යෝෂුවා ඔවුන්ට කථාකොට: භයනොවී නොකැලඹී සිටින්න, ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධකරන නුඹලාගේ සියලු සතුරන්ට ස්වාමීන්වහන්සේ මෙසේ කරනසේකැයි කීවේය.
Explore යෝෂුවා 10:25
Home
Bible
Plans
Videos