ඔහු තමාගේ බලයෙන් බලවත් අය අහකට ඇද දමයි.
ඔහු නැගිටින කල කිසිවෙකුට තමාගේ ජීවිතය ගැන විශ්වාසයක් නැත.
දෙවියන්වහන්සේ ඔවුන්ට සුවසේ සිටින්ට දෙන විට ඔව්හු නිශ්චලව සිටිති;
උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙස තිබෙයි.
ඔව්හු උසස්වෙන නුමුත් ටික කලකින් නැතුව යති;
එසේය, ඔව්හු පහත්කරනු ලැබ අන් සියල්ලන් මෙන් තුරන්ව යති, ගොයම් කරල් මෙන් කපනු ලබති.