බලව, මා විසින් දාවිත්ට ධර්මිෂ්ඨවූ පැළෑටියක් නැගුටුවන දවස් පැමිණෙන්නේය, උන්වහන්සේ රජෙක්ව රජකම්කරමින් නුවණින් ක්රියාකොට, ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.