1
විනිශ්චයකාරයන්ගේ පොත 6:12
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීය.
Compare
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:12
2
විනිශ්චයකාරයන්ගේ පොත 6:14
ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: නුඹේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්රායෙල් ගළවන්න. මා නුඹ යැවුවා නොවේදැයි කීසේක.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:14
3
විනිශ්චයකාරයන්ගේ පොත 6:16
ස්වාමීන්වහන්සේ ද: සැබවින් මම නුඹ සමඟ සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:16
4
විනිශ්චයකාරයන්ගේ පොත 6:13
ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:13
5
විනිශ්චයකාරයන්ගේ පොත 6:15
ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:15
6
විනිශ්චයකාරයන්ගේ පොත 6:11
ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:11
7
විනිශ්චයකාරයන්ගේ පොත 6:24
එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම් යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:24
8
විනිශ්චයකාරයන්ගේ පොත 6:17
ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේනම්, ඔබ මා සමඟ කථාකරන බවට ලකුණක් මට පෙන්නුව මැනව.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:17
9
විනිශ්චයකාරයන්ගේ පොත 6:23
ස්වාමීන්වහන්සේ: නුඹට සමාදානය වේවා; භයනොවන්න. නුඹ නසින්නේ නැතැයි ඔහුට කීසේක.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:23
10
විනිශ්චයකාරයන්ගේ පොත 6:1
ඉශ්රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 6:1
Home
Bible
Plans
Videos