1
යෙසායා 45:3
Sinhala Revised Old Version
SROV
නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි.
Compare
Explore යෙසායා 45:3
2
යෙසායා 45:2
මම නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලාකොට, පිත්තල දොරවල් බිඳ දමා, යකඩ අගුල් කපාදමන්නෙමි.
Explore යෙසායා 45:2
3
යෙසායා 45:5-6
මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත. මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස නුඹ මා නෑඳින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත.
Explore යෙසායා 45:5-6
4
යෙසායා 45:7
එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේ යයි කියනසේක.
Explore යෙසායා 45:7
5
යෙසායා 45:22
පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
Explore යෙසායා 45:22
6
යෙසායා 45:1
තමන්ගේ අභිෂේකලත් තැනැත්තාවූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතීන් යටත්කිරීමටත් රජවරුන්ගේ ඉඟටි ලිහීමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියෙහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලාගත්තාවූ ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ කියනසේක
Explore යෙසායා 45:1
7
යෙසායා 45:23
සියලු දණහිස් මට නැමෙනවා ඇත. සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත කියා මම මා ගැනම දිවුළෙමි, අවලංගු නොවන ධර්මිෂ්ඨකමේ වචනයක් මාගේ මුඛයෙන් නික්මුණේය.
Explore යෙසායා 45:23
8
යෙසායා 45:4
මාගේ මෙහෙකරුවූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඉශ්රායෙල් නිසාත් නුඹේ නම කියා කැඳවීමි. නුඹ මා නෑඳින්න නුමුත් නුඹට නමක් තැබීමි.
Explore යෙසායා 45:4
Home
Bible
Plans
Videos