තවද පියවංශවල ප්රධානින්ගෙන් සමහරු යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයට පැමිණි කල්හි දෙවියන්වහන්සේගේ ගෘහය ස්වකීය ස්ථානයෙහි ගොඩනගන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පුකළෝය. ඔව්හු තමුන්ගේ පුළුවන්කමේ හැටියට රන් දරික් මිල සැට එක් දහසක්ද රිදී රාත්තල් පන්දහසක්ද පූජක වස්ත්ර සියයක්ද කර්මාන්ත ගබඩාවට දුන්නෝය.