තවද නුඹේ වම් අංශයට හාන්සිවී, ඉශ්රායෙල් වංශයේ අයුතුකම ඊ පිට තබාගන හිඳින්න. නුඹ ඊ පිට හාන්සිවී ඉන්න දවස් ගණන මුළුල්ලෙහි නුඹ ඔවුන්ගේ අයුතුකම දරන්නෙහිය. මක්නිසාද මම ඔවුන්ගේ අයුතුකමේ අවුරුදු නුඹට දවස් ගණනක් කොට එනම් තුන්සිය අනූ දවසක් නියමකෙළෙමි. මෙලෙස නුඹ ඉශ්රායෙල් වංශයේ අයුතුකම දරන්නෙහිය.