1
නික්මයාම 2:24-25
Sinhala Revised Old Version
SROV
දෙවියන්වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්රහම් සමඟද ඊසාක් සමඟද යාකොබ් සමඟද කළාවූ තමන්ගේ ගිවිසුම සිහිකළසේක. දෙවියන්වහන්සේ ඉශ්රායෙල් පුත්රයන් බලා ඔවුන්ගේ තත්වය සැලකූසේක.
Compare
Explore නික්මයාම 2:24-25
2
නික්මයාම 2:23
ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්රායෙල් පුත්රයෝ වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය.
Explore නික්මයාම 2:23
3
නික්මයාම 2:10
දරුවා වැඩුණු කල ඈ ඔහු ඵාරාවෝගේ දියණිය වෙතට ගෙනාවාය, ඔහු ඇගේ පුත්රයා වුණේය. ඈ වනාහි: මා ඔහු වතුරෙන් ඇදගත් නිසාය කියා ඔහුට මෝසෙස් යයි නම් තැබුවාය.
Explore නික්මයාම 2:10
4
නික්මයාම 2:9
ඵාරාවෝගේ දුව: මේ දරුවා ගෙනගොස් මා උදෙසා කිරි දෙන්න, මම නුඹට කුලී දෙන්නෙමියි කීවාය. ඒ ස්ත්රී දරුවා ගෙන ගොස් කිරි දී හැදුවාය.
Explore නික්මයාම 2:9
5
නික්මයාම 2:5
ඵාරාවෝගේ දුව ගඟේ නෑමට ආවාය; ඈ සමඟ වූ තරුණියෝ ගංඉවුරේ ඇවිද්දෝය; ඈ පන්ගස් අතරේ පෙට්ටිය තිබෙනවා දැක ඒක ගෙනෙන්ට ඇගේ දාසිය ඇරියාය.
Explore නික්මයාම 2:5
6
නික්මයාම 2:11-12
මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය. ඔහු ඔබ මොබ බලා කිසිවෙකු ළඟ නොසිටි බව දැක මිසරයා මරා වැල්ලෙහි සැඟෙවුවේය.
Explore නික්මයාම 2:11-12
Home
Bible
Plans
Videos