මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කන් නමා ඇසුව මැනව; ඔබගේ ඇස් හැර අපේ අසරණකමද ඔබගේ නාමය දරන නුවරද බැලුව මැනව. මක්නිසාද අපේ කන්නලව් අප විසින් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන්නේ අපේ ධර්මිෂ්ඨකම් නිසා නොව ඔබගේ මහත් අනුකම්පාවල් නිසාය. ස්වාමීන්වහන්ස, ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, කමාවුව මැනව, ස්වාමීන්වහන්ස, ඇහුම්කන්දුන මැනව; මාගේ දෙවියන්වහන්ස, ප්රමාද නොවී, ඔබ නිසාම එය ඉෂ්ටකළ මැනව; මක්නිසාද ඔබගේ නුවරත් ඔබගේ සෙනඟත් ඔබගේ නාමය දරන්නෝයයි කීවෙමි.