ලියනලද ලියවිල්ල නම්: මෙනේ, මෙනේ, තෙකේල්, උපාර්සීන් යනුය. ඒකේ අර්ථය මෙසේය: මෙනේ යනු දෙවියන්වහන්සේ ඔබගේ රජකමේ කාලය ගණන්කර කෙළවරකළසේක යනුය. තෙකේල් යනු ඔබ තරාදියේ කිරනු ලැබ, අඩු බව පෙනුණේය යනුය. පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය යනුයයි කීවේය.