එහෙත් මම පාරට්ටුකරගන්ට කැමතිවෙතත් අඥානයෙක් නොවන්නෙමි. මක්නිසාද මම ඇත්ත කියන්නෙමි. එසේවී නුමුත් මා කෙරෙහි දකින දේට නොහොත් මාගෙන් අසන දේට වඩා මම උතුමැයි කිසිවෙකු නොසිතන පිණිස එයින් වලකිමි. තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.