එවිට සාවුල්ගේ පුත්රවූ යොනාතාන් නැගිට අවුත් කැලෑවේ සිටි දාවිත් ළඟට ගොස්, දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ අත බලවත්කරමින්, ඔහුට කථාකොට: භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට නුඹ අසුනොවන්නෙහිය; නුඹ ඉශ්රායෙල් කෙරෙහි රජවන්නෙහිය, මමද නුඹට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නේයයි ඔහුට කීය.