ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන්නට, ඔබේ පියවරුන් වූ ආබ්රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද දිවුළ දේශයට ඔබ ගෙන ආ කල, ඔබ ගොඩ නැගුවේ නැති සමෘද්ධිමත් විශාල නගර ද ඔබ ම සපයා ගත්තේ නැති හැම යහ දෙයින් ම පිරුණු නිවෙස් ද ඔබ නො හෑරූ ළිං ද ඔබ ම වගා කළේ නැති මිදි වතු හා ඔලීව ගස් ද යනාදියෙන් යුත් දේශයට ඔබ ගෙන ආ කල, ඔබ සිත් සේ කා, බී සැනැහී සිටියදී, ඊජිප්තු දේශයෙන් පිටතට, වහල්කමේ දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ස්වාමින්වහන්සේ අමතක නො කරන්නට වග බලා ගන්න.