1
ද්විතීය 7:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් මෙය දැනගන්න: ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ ය; තමන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ ආඥා රක්ෂා කරන්නවුන්ගේ පරම්පරා දහසකට ස්වකීය නොමියෙන ප්‍රේමයේ ගිවිසුම රක්ෂා කරන විශ්වසනීය දෙවියන්වහන්සේ ය.
موازنہ
تلاش ද්විතීය 7:9
2
ද්විතීය 7:6
මන්ද ඔබ, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ වූ ජනතාවක් ය. ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මේ මිහි පිට වෙසෙන සියලු ජනතාවන් අතරින් තමන්වහන්සේගේ ජනතාවක් වන පිණිස, උන්වහන්සේට අනර්ඝ වස්තුවක් වන පිණිස තෝරා ගෙන ඇත්තේ ඔබ ය.
تلاش ද්විතීය 7:6
3
ද්විතීය 7:8
එසේ වූවත් ස්වාමින්වහන්සේ ඔබට ප්‍රේම කළ නිසාත්, බලවත් හස්තයකින් ඔබ පිටතට ගෙන ඒමට ද ඊජිප්තු රජු වූ පාරාවෝගේ බලයෙන්, වහල්කමේ දේශයෙන් ඔබ මුදා ගැනීමට ද ඔබේ ආදි පියවරුනට උන්වහන්සේ ශපථ කළ දිවුරුම රක්ෂා කළ නිසාත් ය.
تلاش ද්විතීය 7:8
4
ද්විතීය 7:7
ස්වාමින්වහන්සේ ඔබ වෙත ස්වකීය සෙනෙහස පා, ඔබ තෝරා ගත්තේ සෙසු ජනතාවනට වඩා ඔබ ගණනින් අධික නිසා නො වේ; මන්ද සියලු ජනයින් අතරින් ඔබ ඉතාමත් අල්පයි.
تلاش ද්විතීය 7:7
5
ද්විතීය 7:14
අන් කවර ජනතාවකටත් වඩා ඔබ ආශිර්වාද ලබනු ඇත. ඔබ, ස්ත්‍රීන් හා පුරුෂයින් අතරේ පමණක් නො ව, ඔබගේ සත්ව රංචු අතරේ ද වඳ එකකු නො වනු ඇත.
تلاش ද්විතීය 7:14