1
උත්පත්ති 9:12-13
සිංහල කාලීන පරිවර්තනය
SCV
තවදුරටත් කතා කළ දෙවියන්වහන්සේ, “ඔබත්, ඔබ හා සිටින ජීවමාන හැම ජීවියකුත්, මාත් අතරේ මා පිහිටු වන ගිවිසුම වන මතු සියලු පරම්පරා උදෙසා වන ගිවිසුමේ ලකුණ මෙයයි. මගේ දේදුන්න මම වලාකුළෙහි තබා ඇත්තෙමි. මා හා පොළෝ වාසීන් අතර ගිවිසුමේ ලකුණ එයයි.
Paghambingin
I-explore උත්පත්ති 9:12-13
2
උත්පත්ති 9:16
වලාවන්හි දේදුන්න දිස්වන කවර විටෙක වුව, මම ඒ දෙස බලා, දෙවියන්වහන්සේත්, මිහි පිට සියලු වාර්ගික ජීවමාන සියලු සත්වයිනුත් අතරේ වූ සදාතන ගිවිසුම සිහි කරන්නෙමි” යි පැවසූ සේක.
I-explore උත්පත්ති 9:16
3
උත්පත්ති 9:6
“කවරකු වුව, මිනිස් ලේ වගුරුවයි නම්, ඔහුගේ ලේ ද මිනිසකු විසින් ම වගුරුවනු ලැබේ. මන්ද දෙවියන්වහන්සේ මිනිසා මවන ලද්දේ, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙනි.
I-explore උත්පත්ති 9:6
4
උත්පත්ති 9:1
ඉන්පසු නෝවාටත්, ඔහුගේ පුතුන්ටත් ආශිර්වාද කළ දෙවියන්වහන්සේ, ඔවුන් අමතමින්, “ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වී, පොළොව පුරවාලන්න.
I-explore උත්පත්ති 9:1
5
උත්පත්ති 9:3
සජීව, එහා මෙහා යන සියල්ල ඔබට ආහාර පිණිස වනු ඇත. මම ඔබට හරිත පලා දුන් සේ, දැන් මේ හැම දෙයක් ම දෙන්නෙමි.
I-explore උත්පත්ති 9:3
6
උත්පත්ති 9:2
ඔබ කෙරෙහි බියත්, තැතිගැන්මත් පොළොවේ සියලු සතුන් ද සියලු අහස් පක්ෂීන් ද හැම උරගයකු ද මුහුදේ සියලු මසුන් ද වෙත පවතිනු ඇත. ඔබගේ අත්වලට උන් බාර දී ඇත.
I-explore උත්පත්ති 9:2
7
උත්පත්ති 9:7
ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වන්න. පොළොවෙහි ජනාකීර්ණ වී, එහි වැඩි වර්ධන වන්න.”
I-explore උත්පත්ති 9:7