1
උත්පත්ති 16:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට හාගර්, තමා ඇමතූ ස්වාමින්වහන්සේට, “මා දෙස බලන දෙවියන්වහන්සේ ඔබ ය” යන අරුතින් ඒල්-රොයී යන නමින් ඇමතුවා ය. මන්ද ඈ, “සැබවින් ම මම දෙවියන්වහන්සේ දුටුවෙමි; එසේ දැකලාත් ජීවත් ව සිටින්නෙමි” යි කීවා ය.
Linganisha
Chunguza උත්පත්ති 16:13
2
උත්පත්ති 16:11
ස්වාමින්වහන්සේගේ දූතයා ඇයට මෙසේ ද පැවසී ය: “මෙන්න! දැන් දරු ගැබක් ඔබ දරයි. ඔබ, පුතකු බිහි කරනු ඇත. ඉෂ්මායෙල් නමින් ඔබ ඔහු ඇමතිය යුතු ය. මන්ද ස්වාමින්වහන්සේ ඔබේ දුක්-සන්තාපය ඇසූ බැවිනි.
Chunguza උත්පත්ති 16:11
3
උත්පත්ති 16:12
ඔහු කැලෑ බූරුවකු වැනි මිනිසකු වනු ඇත. ඔහුගේ අත හැම කෙනකුට එරෙහි වෙයි. හැම කෙනකුගේ අත, ඔහුට එරෙහි වෙයි. ඔහු තම සියලු නෑසියන්ගෙන්, වෙන් ව වෙසෙනු ඇත.”
Chunguza උත්පත්ති 16:12
Nyumbani
Biblia
Mipango
Video