1
ලූක් 23:34
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට යේසුස්වහන්සේ, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනවි. මන්ද තමන් කරන්නේ කුමක් දැයි ඔවුහු නො දනිති” යි පැවසූ සේක. උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට ඔවුහු පස ඇට දැමූහ.
Jämför
Utforska ලූක් 23:34
2
ලූක් 23:43
උන්වහන්සේ ඔහු අමතමින්, “සැබවින් ම මම ඔබට කියන්නම්; අද දවසේ ම ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇතැ” යි පැවසූ සේක.
Utforska ලූක් 23:43
3
ලූක් 23:42
ඉන්පසු ඔහු, “යේසුස්වහන්ස, ඔබ, ඔබගේ රාජ්‍යයට එන කල, මා සිහි කරන්නැ” යි කීවේ ය.
Utforska ලූක් 23:42
4
ලූක් 23:46
යේසුස්වහන්සේ උස් හඬ නගමින්, “පියාණන්වහන්ස, ඔබවහන්සේගේ දෝතට මගේ ආත්මය බාර දෙමි” යි පැවසූ සේක. එසේ පවසා උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.
Utforska ලූක් 23:46
5
ලූක් 23:33
හිස්කබල නම් ස්ථානයට පැමිණි ඔවුහු, එහිදී උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. අපරාධකරුවන් දෙදෙනා ද එක් කෙනෙක් උන්වහන්සේගේ දකුණු පස ද අනෙකා උන්වහන්සේගේ වම් පස ද කුරුසිපත් කරන ලදහ.
Utforska ලූක් 23:33
6
ලූක් 23:44-45
ඒ හය වන පැය පමණ විය. නව වන පැය දක්වා ම දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. හිරු එළිය අඳුරු විය. දේව මාලිගයේ තිරය දෙකඩ ව පැළිණි.
Utforska ලූක් 23:44-45
7
ලූක් 23:47
සිදු වූ දේ දුටු සියයේ සේනාධිපතියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, “නිසැකයෙන් ම මේ මිනිසා නිදොස් කෙනෙකැ” යි පැවසී ය.
Utforska ලූක් 23:47