හාස්කමේ දින 30නියැදිය

හාස්කමේ  දින 30

30 න් 27 වන දිනය

යේසුස් වහන්සේ අත්තික්කා ගසට ශාප කරන සේක

අත්තික්කා ගස ඵල නොදරන බැවින් එයට යේසුස් වහන්සේගේ විනිශ්චයට මුහුණ දීමට සිදු විය. සැබවින්ම, එය ක්ෂණිකව වියළී ගියේය, එතරම් ශීඝ්‍රයෙන් වියළී ගියේය, සියලු දෙනාම එය දැක පුදුමයට පත් වූහ. යේසුස් වහන්සේ එකල සිය ශිෂ්‍යයන්ට මෙන්ම අද අපටද, මිනිස් ඇසට නොහැකි යැයි පෙනෙන දේවල් විශ්වාසයෙන් ඉල්ලා සිටින ලෙස උගන්වන සේක. කවුරුන් නම් කන්දක් සාගරයට දමන්නේද, එහෙත් විශ්වාස කරන්නාට එය කළ හැකි යැයි උන්වහන්සේ වදාරන සේක.

මෙදින ඔබට දෙන අභියෝගය මෙයයි:

'ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සියල්ල ලැබෙන බව විශ්වාස කරන්නේ නම්'

ඔබ කුමක් සඳහා යාච්ඤා කරමින් සිටින්නෙහිද? ඔබ ඉල්ලන දේ දෙවියන් වහන්සේ ඔබට දෙන බව විශ්වාස කරන්නෙහිද?

සැක සංකා තැබීම දිව්‍යමය අත්දැකීම් ලැබීමෙන් අප වළක්වන එකම බාධකයයි. යක්ෂයා බියට පත් කරන සහ අපගේ දෙවියන් වහන්සේ ප්‍රීති කරවන තරම් ධෛර්යවත් විශ්වාසයකින් අපි ක්‍රියා කළේ නම් කෙසේ වන්නේද? අපගේ සිහින වලටත් එහා යන, අපගේ ශක්තියෙන් පමණක් සාක්ෂාත් කර ගත නොහැකි මහා යාච්ඤා අපි ඉදිරිපත් කළේ නම් කෙසේ වන්නේද? අපගේ යාච්ඤා අප ගැන සහ අපගේ පවුල් ගැන පමණක් නොව අපගේ නගර සහ ජාතීන් වෙනුවෙන් වූයේ නම් කෙසේ වන්නේද?

යාච්ඤාවලට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ අපට සිටින අතර උන්වහන්සේට කිසිවක් නොහැකි නොවේ. එම වේදනාවේ, ණයබරතාවයේ, වඳභාවයේ හෝ හුදෙකලාවේ කන්ද විශ්වයේ සර්වබලධාරී දෙවියන් වහන්සේට කිසිවක් නොවේ. යේසුස් වහන්සේගේ නාමයේ බලය කෙරෙහි ඇති විශ්වාසයෙන් යාච්ඤා කර, ක්‍රිස්තුස් වහන්සේ තුළ සියල්ල එසේය සහ ආමේන් වන දෙවියන් වහන්සේගේ පොරොන්දු මත ස්ථීරව සිටිමින් ඔබට එය ඔබේ ජීවිතයෙන් ඉවත් කළ හැකිය.

දෙවියන් වහන්සේ උන්වහන්සේ වදාරන තැනැන්වහන්සේ බව ඔබ විශ්වාස කරන්නෙහිද?

දෙවියන් වහන්සේගේ දිව්‍යමය බලය ගෙන එන ධෛර්යවත් යාච්ඤා කිරීමට ඔබ ආරම්භ කරන්නෙහිද?

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

හාස්කමේ  දින 30

යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.

More

මෙම සැලසුම අපට ලබා දීම ගැන අපි We Are Zion ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: www.instagram.com/wearezion.in