හාස්කමේ දින 30නියැදිය

ආශ්චර්යමත් දේවමාලිගා බද්ද ගෙවීම
මසුන් අල්ලන පළමු මාළුවාගේ කටේ කාසියක් තිබීම සහ එය පේතෘස් සහ යේසුස් වහන්සේගේ බදු ගෙවීමට හරියටම සරිලන මුදල වීම කෙතරම් පුදුම සහගත සිදුවීමක්ද? පේතෘස් නිසැකවම පුදුමයට පත්වන්නට ඇත, නමුත් ඔහු කීකරු වී එම ප්‍රාතිහාර්යයේ ආශීර්වාදය ලැබුවේය.
දෙවියන් වහන්සේ මෑතකදී ඔබට කුමන අසාමාන්‍ය දෙයක් කරන්නට කීවේද? ඔබ කීකරු වූයේද, නැතහොත් උන්වහන්සේගේ අසාමාන්‍ය ඉල්ලීමට කීකරු වීමට තරම් විශ්වාසය මදි වූයේද?
දෙවියන් වහන්සේ අපට උන්වහන්සේ අනුගමනය කරන්නට කැඳවන අතර, නැවත නැවතත් අපගේ කුරුසය ගෙන යන්නට කියනු ලබයි. කුරුසය ගෙන යාම යනු අපගේම මාංශයට සහ අපේක්ෂාවන්ට මිය යාම සහ සෑම දිනකම, සෑම මොහොතකම දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වීමයි. මෙය උසස් කැඳවීමක් වන අතර දුර්වල සිත් ඇත්තන් සඳහා නොවේ! එය අප දෙවියන් වහන්සේගේ හඬට සවන් දී කීකරු වී උන්වහන්සේගේ වචනයෙන් ජීවත් වීම අවශ්‍ය කරයි. අපි උන්වහන්සේට අකීකරු වී ජීවත් වන්නේ නම් අතිස්වභාවික දේ බලාපොරොත්තු විය නොහැක.
දෙවියන් වහන්සේ අපගේ ජීවිත මත තබන මානව අධිකාරීන්ට යටත්ව ජීවත් වීමට අපව කැඳවයි. උන්වහන්සේ සෑම අතින්ම දෙවියන් වහන්සේට ගෞරව කරන ආකාරයට සදාචාරාත්මකව හා ආචාරධර්මීව ජීවත් වීමට අපෙන් ඉල්ලා සිටී. අපි සදාකාලයටම ස්වර්ගයේ පුරවැසියන් බව සිහිපත් කරමින් අපගේ රටවලට බදු ගෙවා අපේ දේශයේ විශ්වාසවන්ත පුරවැසියන් ලෙස ජීවත් වීම උන්වහන්සේගේ අභිලාෂයයි. ඔබ දෛනික ජීවිතයේ සියලු කරුණු පිළිබඳ අවබෝධය සඳහා දෙවියන් වහන්සේගේ වචනය කියවන්නට පටන් ගන්නවාද? ඔබට පහසු හා සුවපහසු දේ අත්හැරීමට සිදුවුවත් ඔබේ ජීවිතයේ උන්වහන්සේගේ උත්තරීතර කැමැත්තට කීකරු වී ජීවත් වන්නෙහිද?
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.
More
මෙම සැලසුම අපට ලබා දීම ගැන අපි We Are Zion ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: www.instagram.com/wearezion.in









