හාස්කමේ දින 30නියැදිය

හාස්කමේ  දින 30

30 න් 22 වන දිනය

යේසුස් වහන්සේ අන්යජාතික ස්ත්‍රියකගේ යක්ෂයා ආවේශ වූ දියණිය සුව කරන සේක

මෙම සිදුවීම කියවන විට, යේසුස් වහන්සේ මෙම යුදෙව් නොවන ස්ත්‍රියට දැක්වූ මෙන් පෙනෙන නොමනා වචන ගැන අප තරමක් කම්පනයට පත්වෙමු. නමුත් ගැඹුරින් බලන විට, යේසුස් වහන්සේ ඇයගේ අභිප්‍රායන් හා ඇදහිල්ල පිරික්සමින් සිටි බව පැහැදිලි වෙයි.

"මම පැමිණියේ ඊශ්‍රායලයේ නැති වූ බැටළුවන් වෙනුවෙන් පමණි" යැයි කියමින් ඇයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ විට, ඇය උන්වහන්සේ ඉදිරියේ දණ නමා උදව් ඉල්ලා සිටියාය. ඇය වචනයෙන් හා ක්‍රියාවෙන් ඇයගේ තත්ත්වය කෙරෙහි උන්වහන්සේගේ ස්වාමිත්වය ප්‍රකාශ කළාය. දරුවන්ට දෙන රොටි බල්ලන්ට දැමීම සුදුසු නැතැයි උන්වහන්සේ පැවසූ විට, ඇය එම උපමාව අල්ලාගෙන මේසයෙන් වැටෙන කැබලි පවා බල්ලන්ට ප්‍රමාණවත් බව පැවසුවාය. බල්ලකුට සමාන කෙරුනු අපහාසය නොසලකා හැර, යේසුස් වහන්සේගේ වචනයේ සුළු කොටසක් පවා තම දියණිය නිදහස් කිරීමට සමත් බවට තිබූ විශ්වාසය කෙතරම් අගනේද! යේසුස් වහන්සේ ඇයගේ "මහත් විශ්වාසය" අගය කළ සේක. ඇයගේ දියණිය සුවය ලැබුවාය!

යේසුස් වහන්සේ පැමිණියේ හැසිරීමෙන්, කතාවෙන් හා පෙනුමෙන් යහපත් වූ පිරිස වෙනුවෙන් පමණක් නොව, සංස්කෘතික, ජාතික හා සමාජයීය පසුබිම නොතකා සෑම මිනිසෙකු, ස්ත්‍රියක් හා දරුවෙකු වෙනුවෙනි. උන්වහන්සේ සැමට නිදහස ලබා දීමට පැමිණි සේක. එකම කොන්දේසිය වූයේ යටහත්පහත් හා පසුතැවිලි වන හදවතක් සහ උන්වහන්සේව සියල්ලේ ස්වාමියා ලෙස පිළිගැනීමට සූදානම් වීමයි. මෙම කොන්දේසි ඉතා සරල වුවද, බොහෝ දෙනා ඔවුන්ගේ උඩඟුකම හා මුරණ්ඩු කම නිසා එය මඟ හරිති.

මේ කාන්තාව වගේ ඔබත් යේසුස් වහන්සේ ඉදිරියේ දණ ගසා ඔබට උදව් කරන ලෙස ඉල්ලා සිටිනවාද? නිහතමානීව දණ ගසා උපකාරයේ සහ ප්‍රතිසංස්කරණයේ උත්තරීතර ප්‍රභවය දෙස බැලීමට ශක්තිමත් පුද්ගලයෙකු අවශ්‍ය වේ.

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

හාස්කමේ  දින 30

යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.

More

මෙම සැලසුම අපට ලබා දීම ගැන අපි We Are Zion ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: www.instagram.com/wearezion.in