ශාංකාව ජයගැනීමනියැදිය

ශාංකාව සඳහා නියමය
වෝල් ස්ට්‍රීට් ජෙර්නල් හි වාර්තාවකට අනුව, එක්සත් රාජධානිය තුළ ප්‍රධාන මානසික සෞඛ්‍ය ගැටළුව ලෙස ශාංකාව විෂාදය පරදා ඉහළ ගොස් තිබේ. ශාංකාවට එරෙහිව සටන් කරන ඖෂධ වර්ග වලට ඖෂධ නිෂ්පාදන අතර දැන් වැඩි අලෙවියක් ඇත. සරු ආර්ථිකයක් හා ස්ථාවර දේශපාලනයක් තිබුණද කනස්සල්ල හා සැක ශංකාව අපගේ මානසික තත්ත්වයේ කොටසක්ව පවතින්නේය. එය එක පෙත්තකින් සම්පූර්ණයෙන් සහනයක් ලබාදිය නොහැකි තත්ත්වයකි.
දාවිත් ගීතාවලිය 55 රචනා කළ අවස්ථාවේදී ඔහුගේ මනස කළඹමින් තිබුණේද අද අප සටන් වදින මෙම තත්ත්වයමය: නුවර වීථිවල රහසින් ලුහුබැඳ යන ප්‍රචණ්ඩත්වය, කෝපය සහ අපචාර වලින් භීතියට පත්ව ඔහු පිළිකුලෙන් පසුබසින්නේය (9-11 පද). සමීප මිතුරෙක්ගේ පාවා දීමක් නිසා ඔහු සිත් වේදනාවෙන් දුක් වින්දේය (12-14 පද). ඉවත්ව ගොස් සමාදානය ඇති ස්ථානයක ආරක්‍ෂිතව සිටීමට ඔහුට අවශ්‍ය විය (4-8 පද).
දාවිත්ගේ කුතුහලයෙන් පිරී ගිය වේදනාව අපගේ වේදනාවන් කැඩපතකින් සේ පෙන්වන බැවින්, ඔහුගේ සහනයන් උදෙසා වන නියමයන්ද අපට සමාන විය යුතුය. “මම වනාහි දෙවියන්වහන්සේට යාච්ඤාකරන්නෙමි. එවිට ස්වාමීන්වහන්සේ මා ගළවනසේක..... නුඹේ බර ස්වාමින් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක” (16, 22 පද).
ශාංකාව අප විසින් උසුලාගත යුතු බරක් නොවේ. ඒ වෙනුවට උන්වහන්සේ අප ගැන සලකන බැවින් අපගේ හැම කරදර උන්වහන්සේ පිට තැබිය යුතු වන්නෙමු (1 පේත්‍රැස් 5:7; පිලිප්පි 4:6-7 බලන්න).
අද ඔබගේ හදවත බරව තිබේ නම්, ඔබ ස්වාමින්වහන්සේට දෙන ඕනෑම බරක් දැරීමට උන්වහන්සේ සූදානම්ව සිටින සේක.
ආවර්ජනය කර යාච්ඤා කරන්න.
ඔබගේ සියලු ශාංකා, ඔබගේ සියලු මානසික කරදර,
කරුණාවේ ආසනය වෙත රැගෙන විත්, එතැන තබන්න;
එතුමන්ට දැරිය නොහැකි බරක් නොමැත,
යේසුස් මෙන් මිතුරෙකු නැත්තේමය. - ජෝයි
අපට බරක්වන ඕනෑම බරක් උන්වහන්සේ මත තබන ලෙසට දෙවියන්වහන්සේ අපට ඇරයුම් කරන සේක.
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී ශාංකාව ජයගැනීමට දේව වචනය තුළින් ඔබට මග පෙන්වනු ඇත.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









