ශාංකාව ජයගැනීමනියැදිය

ශාංකාව ජයගැනීම

5 න් 2 වන දිනය

ඉන් ඉවත්ව යන පිණිස, මඟ පෙන්වීමට උන්වහන්සේට පුළුවන.

සෑම දෙනාම පාහේ ඔවුන්ගේ ජීවිතයේ යම් කාලයකදී ඔවුන් නිසාම හෝ වෙනත් කෙනෙකු නිසාවෙන් හෝ විෂාදයට පත්වෙති. විෂාදයේ ඇතැම් පොදු ලක්ෂණ වන්නේ බලාපොරොත්තු සුන්වීම, සියල්ලෙහිම අසුබ දැකීමේ ප්‍රවණතාව, නොවටිනා බව හැඟී යාම හා අසරණ වීම වැනි හැඟීම් ඇති වීමය. බයිබලයේ චරිත, විෂාදය අත්දුටු බව අපට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත් ඇතැම් අය අධෛර්යයට පත්වීම, පසුබටවීම හා ශෝකවීම දැඩි ලෙස පෙන්නුම් කළ අතර ඒවා පුද්ගලික බල රහිත බව හා බැඳී තිබෙන අතර ජීවිතයට අර්ථ රහිත හා උද්f්‍යා්ගය අහිමි කරවන තත්ත්වයන් බවට පත්ව ඇත.

එලියා මෙම විස්තර වලට ගැළපෙන බයිබලීය චරිතයකි. බාල් ප්‍රොපේතවරුන් පරාජය කිරීමෙන් පසු ඔහුට යෙසෙබෙල්ගෙන් මරණ තර්ජන එල්ල විය. ඔහුගේ බලාපොරොත්තුව සුන් වී කනස්සල්ල පැමිණියේය. ඔහුට මැරෙන්ට අවශ්‍ය විය! කනස්සල්ල හා ගනුදෙනු කිරීමට දෙවියන්වහන්සේ ක්‍රම කිහිපයකින් එලියාට උපකාර කළ සේක. ඔහුගේ හැඟීම් ගැන ස්වාමින්වහන්සේ ඔහුට තරවටු නොකළ අතර උන්වහන්සේ ඔහුගේ ශාරිරික අවශ්‍යතා සැපයීමට දේවදූතයකු එවූ සේක. පසුව උන්වහන්සේ එලියාට එළිදරව් වී, උන්වහන්සේගේ සෙනඟ මධ්‍යයේ උන්වහන්සේ නිහඬව ක්‍රියා කරන බව සිහිපත් කළ සේක. ඉන්පසුව උන්වහන්සේ එලියාට අලුත් විධි විධාන දීම මගින් එලියාගේ සේවය අලුත් කළ සේක. එලියා සිටියේ තනිව නොවන බව උන්වහන්සේ අවසානයේ එලියාට සිහිපත් කළ සේක.

අප අධෛර්යට පත්වන අවස්ථාවලදී, දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන බවත් උන්වහන්සේ විසින් අලුත් කරන ලද ස්ථානයකට අපව රැගෙන යන බවත්, අපි සිහිපත් කරමු.

ආවර්ජනය කර යාච්ඤා කරන්න.

නිහඬ වනු, මගේ ප්‍රාණය; ස්වාමින් වහන්සේ ඔබ පසෙකය;
ශෝකයේ හෝ වේදනාවේ හෝ කුරුසිය ඉවසීමෙන් දරා ගන්න;
පෙළගස්වා, සැපයීමට ඔබගේ දෙවිඳුන්ට ඉඩ හරින්න;
සෑම වෙනස්කමකදීම උන්වහන්සේගේ විශ්වාසවන්තකම පවතිනු ඇත.
වොන් ස්ලෙජල්

දුර්වල, අසරණ හා අධෛර්යට පත් අය එඬේරාණන්ගේ විශේෂ රැකවරණය යටතේ සිටින්නෝය.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ශාංකාව ජයගැනීම

ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී ශාංකාව ජයගැනීමට දේව වචනය තුළින් ඔබට මග පෙන්වනු ඇත.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/