ශාංකාව ජයගැනීමනියැදිය

ශාංකාව ජයගැනීම

5 න් 3 වන දිනය

ධෛර්යයමත්වීමට ආශා වීම

යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ නායකත්වය ගැනීමට ආසන්නව තිබියදී මෝසෙස් විසින් යෝෂුවා ධෛර්යයමත් කරන ආකාරය ද්විතීය කථාව 3 හි අපි දකිමු. යෝෂුවා බියෙන් පසුවූ බව හා මෝසෙස්ගේ තනතුර පුරවාලන්නට තමා නුසුදුසුය යන හැඟීමෙන් සිටි බවට සැකයක් නැත. එබැවින් යෝෂුවාව ධෛර්යයමත් කරන්න යයි ස්වාමින්වහන්සේ මෝසෙස්ට කී සේක.

අපි නව ප්‍රධාන අභියෝගයකට මුහුණ දෙනවිට, අප සියලු දෙනා හටම උත්තේජනය වන පිණිස කාලයෙන් කාලයට ධෛර්යයමත් කිරීමේ වචන අවශ්‍ය වේ. නිවසේ හෝ කාර්යාලයේ හෝ අපගේ දෛනික වගකීම් ඉටුකරන විට, අපට අගය කිරීමේ හා පැසසීමේ වචන ද අවශ්‍ය වේ.

සංස්ථාවක ගණකාධිකාරිවරයෙකු සිය දිවි නසාගත් අවස්ථාවේ ඊට හේතුව සෙවීමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. ආයතනයේ පොත් සෝදිසි කර බැලුවද කිසි අඩුවක් සොයා ගැනීමට නොහැකි විය. ඔහු ලියා තිබූ එක් සටහනක් සොයාගන්නා තුරු ඔහුගේ දිවි නසා ගැනීම පිළිබඳ හෝඩුවාවක් නිරාවරණය වූයේ නැත. එහි ලියා තිබුණේ “අවුරුදු 30 ක් තුළ මට ධෛර්යයමත් කිරීමේ එක වචනයක්වත් ලැබුණේ නැහැ. මට දැන් ඇතිවෙලා” යන්නය.

බොහෝ දෙනා කුඩා හෝ යම් අගය කිරීමේ සංඥාවක් බලාපොරොත්තු වෙති. ඔවුන්ට ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳ පිළිගැනීමේ වචනයක්, ආදරණීය සිනහවක්, උණුසුම් අතට අත දීමක් හා අවංක අගය කිරීමේ මුහුණේ භාව ප්‍රකාශයක් අවශ්‍ය වේ.

දිනපතා එක් කෙනෙකු හෝ ධෛර්යයමත් කිරීමට (චාටු බස් කීමට නොවේ) තීරණය කරගනිමු. අප වටා සිටින, ධෛර්යයමත් කිරීමක් සඳහා ආශාවෙන් බලා සිටින අයට උපකාර පිණිස අපි අපගේ කොටස කරමු.

ආවර්ජනය කර යාච්ඤා කරමු.

වචනයක් හෝ දෙකක් පැවසීම
නොවැදගත් බව පෙනී යා හැක;
නමුත් අප ධෛර්යය දෙනවිට,
මොන තරම් මවිතකර දේ කළ හැකිද එයට ! - කේ. ඩිහාන්

අත්හැරීම හෝ දිගටම කරගෙන යාම හෝ අතර වෙනසක් ඇති කිරීමට ධෛර්යයමත් කිරීමේ වචනයකට හැකිය.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ශාංකාව ජයගැනීම

ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී ශාංකාව ජයගැනීමට දේව වචනය තුළින් ඔබට මග පෙන්වනු ඇත.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/