ශාංකාව ජයගැනීමනියැදිය

ශාංකාව ජයගැනීම

5 න් 4 වන දිනය

කිසි දිනක අත් නොහරින්න.

2 වන ලෝක යුද්ධ සමයේ හිට්ලර් එංගලන්තයට එරෙහිව පහර දීමට සූදානම් වනවිට අධෛර්යයට පත් ලන්ඩන් වැසියන් කණ්ඩායමකට කථා කිරීමට වින්ස්ටන් චර්චිල් හට පැවරින. ඔහු පැවසුවේ “කිසිදාක අත් නොහරින්න ! කිසිදාක, කිසිදාක, කිසිදාක අත් නොහරින්න !” යන ධෛර්යයමත් කිරීමේ වචන අටයි.

ඔබගේ කිතුනු ගමනේ ඔබ අධෛර්යයමත් වන අවස්ථා ඇති වීමට පුළුවන. නමුත් ඔබ කිසිදාක, කිසිදාක, කිසිදාක අත් නොහැරිය යුතු වන්නේය. වෙනත් කිසිවක් නොතිබුණද ඔබගේ පාපයට එරෙහි අරගලයේදී යළි, යළිත් දෙවියන්වහන්සේ වෙතට හැරීමටද ඔබගේ බලාපොරොත්තු සුන්වීමේදී උන්වහන්සේට ඇළී සිටීමටද එය හේතුවක් වනු ඇත.

ජෝන් වයිට් සිය ‘ද ෆයිට්’ (සටන) නම් කෘතියේ මෙසේ ලියා ඇත. “සැබෑ රණවිරුවා වන්නේ නැවත නැගිට සිටිමින් සටන් කරන පුරුෂයා හෝ ස්ත්‍රියයි..... රෝම 8:1-4 හි සඳහන් මුද්‍රික පානය වැනි බලවත් දෙයින් උගුරක් බී, යළිත් ඔබගේ මාංශ පේශීන් ඝන වීමට පෙර නැවත සටනට යන්න!”

අවශ්‍ය වන්නේ නරක තත්ත්වය හොඳ අතට වෙනස් වීමේ ක්‍රියාවලිය, ඉහළ පහල යෑම, ජීවිතයේ ජයග්‍රහණ සහ පරාජයන් තුළින් කීකරුකමේ කාර්යයන් පවත්වා ගැනීමය. එය, දෙවියන්වහන්සේගේ අරමුණු සම්පූර්ණ කිරීමට දෙවියන්වහන්සේ ඔබ තුළ ක්‍රියා කරන බව දැන නැවත උත්සාහ කිරීමය (පිලිප්පි 6:1; 2:13). එය, ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ සිටින තුරු හා ඔබගේ වැඩ නිමා වන තුරු ඔබගේ ජීවිතය උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත නොකඩවා කිරීමය.

දෙවියන්වහන්සේද අනර්ඝ ලෙස නොනැසී දිගටම පවතින සේක. උන්වහන්සේ කිසිදාක, කිසිදාක, කිසිදාක ඔබව අත් නොහරින සේක !

ආවර්ජනය කර යාච්ඤා කිරීම.

සමිඳුනි, ඔබ අවංක වනසේක. සැමවිටම අවංක වනසේක,
මා තුළ වැඩ කිරීම ඔබ කිසිදාක අත්නොහරින සේක;
එබැවින් මා සෑම දිනකම ඔබට සේවය කිරීමට වෙහෙසෙන පරිදි,
ඔබගේ කැමැත්ත සහ ඔබගේ මාර්ගය අනුගමනය කිරීමට මට උපකාර කළ මැනව - ෆිට්ස්හ්‍යු

නොකඩවා කිරීම තුළින් අසමත්කම සාර්ථකත්වය කරා ගෙන යා හැක.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ශාංකාව ජයගැනීම

ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී ශාංකාව ජයගැනීමට දේව වචනය තුළින් ඔබට මග පෙන්වනු ඇත.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/