කෝපය පහකර දැමීමනියැදිය

අනුකම්පාවේ හදවතක්
අප සත් දෙනෙක් සෙනඟ පිරීගිය ක්‍රීඩා පිටියක පැවති සංගීත ප්‍රසංගයකට සහභාගි වුණෙමු. එකම ස්ථානයක අසුන් ගැනීමට අවශ්‍ය වූ බැවින් අප එක් පේළියකට යාමට වෑයම් කළෙමු. නුමුත් අප එසේ යද්දී අප අතරට ස්ත්‍රියක් හදිස්සියෙන් කඩා පැන්නාය. අප එක තැනක සිටින්නට අවශ්‍ය බව මගේ භාර්යාව ඇයට පැවසූ විට එම ස්ත්‍රිය සහ ඇයගේ සගයන් දෙදෙනා එම පේළියට ඇතුල් වෙමින් “ඒකට කරන්නට දෙයක් නැහැ” කියා ඉක්මනින් කීවාය. අපගෙන් තිදෙනෙක් අනෙක් සතරදෙනාට පිටුපසින් පේළියේ වාඩි වුණෙමු. එම ස්ත්‍රිය සමඟ විශේෂ අවශ්‍යතා තිබෙන වැඩිහිටියෙකු සිටින බව, මාගේ භාර්යාව, සූ දැනගත්තාය. ඇයගේ මිත්‍රයාව රැක බලා ගත හැකි වන පිණිස ඇයගේ කුඩා කණ්ඩායම එක තැනක තබා ගැනීමට ඇය වෑයම් කර තිබුණි. හදිස්සියේම අපගේ නොරිස්සීම නැති විය. “මෙවැනි සෙනඟ වැඩි තැනක ඇයට කොයි තරම් අපහසු වෙන්නට ඇතිද” කියා සූ කීවාය. ඔව්, ඇය නොහික්මුණු ලෙස ප්‍රතිචාර දැක්වූවා විය හැකියි. නුමුත්අපට කෝපයට වඩා අනුකම්පාවෙන් ප්‍රතිචාර දැක්විය හැකි විය.
අප කොහේ ගියත්, අනුකම්පාව අවශ්‍යව සිටින මිනිසුන් අපට මුණගැසෙනු ඇත. සමහරවිට අපෝස්තුලු පාවුල් තුමාගේ මෙම වචන, අප අවට සිටින සෑම කෙනෙක් දෙසම, අනුග්රහයේ මෘදු ස්පර්ශයක් අවශ්‍යකරන මිනිසුන් ලෙස වෙනස් එලියකින් බැලීමට අපට උපකාර විය හැක. “එබැවින් දෙවියන්වයන්සේගේ ශුද්ධවූ ප්රෙමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන” (කොලොස්සි 3:12) තවද එතුමා අපට “එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා” (13 වන පදය).
අප අනුකම්පාව දක්වන විට, අප කෙරෙහි අනුග්රහයේ සහ අනුකම්පාවේ හදවත වැගිරෙවූ උන්වහන්සේ වෙතට අන්‍යයන්ව යොමු කරවන්නෙමු.
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

අපගේ දිනපතා ෙභා්ජනය පොතෙන් ඔබ මෙම ආවර්ජනයන් 5 කියවද්දී ඔබගේ කෝපය දෙවියන්වහන්සේට යටත් කිරීම පිළිබඳව වැඩිපුර සොයා දැනගන්න.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









