කෝපය පහකර දැමීමනියැදිය

කෝපය පහකර දැමීම

5 න් 2 වන දිනය

කෝපය කලමණාකරණය

යාකොබ් 4 හි කතුවරයා අපගේ ගැඹුරින්ම පවතින ගැටලුවලින් එකක මුලටම ඔහුගේ පොරව වේගයෙන් කරකවා තබයි. අපව හිර කරමින් සහ ග්‍රහණය කරගනිමින් අපගේම කැමැත්ත සහ අපගේම අවශ්‍යතා අපම ආශා කරන ලෙස ඉටුකර ගැනීමට තිබෙන ඇල්මකි. ඒ තෘෂ්ණා ඉටු නොවූ විට ඉතා ඉක්මණින්ම අනෙක් අය අවමානයට ලක්කිරීමටත් අපව පහත් කරගැනීමටත් යොමුවන අන්ධ වූ බලවත් කෝපයක් බවට පත්වේ. අපට අවශ්‍ය දේ ලබා ගත හැකි වුවත් අපට ඉතිරිවන්නේ අතෘප්තිකර හැඟීමකි.

අපගේ අවශ්‍යතාවයන් උන්වහන්සේගේ අත්වලින්, උන්වහන්සේගේ වෙලාවට, උන්වහන්සේගේ ක්‍රමයට සපයන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලීම, යේසුස්වහන්සේ කළ ආකාරයට උන්වහන්සේගේ පාලනයට අපගේ කැමැත්ත යටත් කොට යාච්ඤා කිරීම වඩාත් යහපත්ය. “එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවයි කීසේක.” (ලූක් 22:42)

අසාධාරණකම් මත කල්පනා කරමින් අපේම හැකියාවෙන් දේවල් නිවැරදි කිරීමට යාම හෝ අපගේ තෘෂ්ණාධික ආශාවන් අනුව තීරණ ස්ථිර කිරීමට ඉඩ හැරීම තුළින් යහපතක් සිදු නොවේ. අපගේම ආශාවන්ට සහ තෘප්තියට යටත් වීමෙන් අප තුළත් අප අවට සිටින්නන් සමඟත් “යුද්ධ සහ ඩබර” ඇති කරවනු ඇත. (යාකොබ් 4:1)

අපගේ කෝපය ඉස්මතුවීමට පෙර අපට “තනිව ගතකිරීමට කාලයක්” ගත හැක. අප ගැන අපම අවබෝධකර ගන්නවාට වඩා අප ගැන අවබෝධ කරගන්නාවූ - කිසිවිටෙක අපට දැනගන්නටවත් නොහැකි තරමට අප ගැන සලකන්නාවූ තැනැන්වහන්සේ සමඟ අපට ඇවිදින්නට යාමට හැක. අපගේ කෝපය ගැන උන්වහන්සේට කීමට හැකිවන අතර උන්වහන්සේ සමඟ ඒ දේවල් ගැන සිතාමතා බැලිය හැක.

අපගේ අවශ්‍යතා උන්වහන්සේගේ ක්‍රමයට සපයන ලෙස අපට දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමට හැකිය. යාකොබ් පැවසූ ආකාරයට “නුමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක.” යාකොබ් 4:6 අපටම කලමණාකරණය කර ගත නොහැකි, අනෙක් හැම දේකටම වඩා ඉතා උතුම් ත්‍යාගයකි.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

කෝපය පහකර දැමීම

අපගේ දිනපතා ‌ෙභා්ජනය පොතෙන් ඔබ මෙම ආවර්ජනයන් 5 කියවද්දී ඔබගේ කෝපය දෙවියන්වහන්සේට යටත් කිරීම පිළිබඳව වැඩිපුර සොයා දැනගන්න.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/