කෝපය පහකර දැමීමනියැදිය

කෝපය පහකර දැමීම

5 න් 1 වන දිනය

ඔබ කථාකිරීමට පෙර සිතන්න.

ඔවුන් රෑ කෑම ගැනීමට අදහස් කළ භෝජනාගාරයට යන මාර්ගය ගැන විස්තර සොයා නොබැලීම ගැන චෙයුං ඔහුගේ භාර්යාව සමඟ අමනාපයෙන් සිටියේය. නිවාඩුව නිමකර නිවසට පැමිණීමට පෙර ජපානයේදී ඉස්තරම් කෑම වේලක් ගැනීමට පවුලේ අය සැලසුම් කර තිබුණි. දැන් ඔවුන් ප්‍රමාද වන නිසා එම කෑම වේල මඟහැරෙනු ඇත. බලාපොරොත්තුව කඩවූ චෙයුං ඔහුගේ භාර්යාවගේ සැලසුම් කිරීමේ දුර්වලතාවය ගැන ඇයව විවේචනය කළේය. පසුව චෙයුං ඔහුගේ වචන ගැන පසුතැවුනේය. ඔහු ඉතා සැරෙන් කර්කශ ලෙස කතා කළ බවත් ඔහු විසින්ම මාර්ග විස්තර සොයාබැලිය හැකිව තිබුණු බවත් අනෙක් දින හතේම ඇය යහපත් ලෙස කළ සැලසුම් කිරීම ගැන තම බිරිඳට ස්තුති කිරීමට ඔහු අතපසු කළ බවත් ඔහු වටහා ගත්තේය.

අපගෙන් බොහෝ දෙනෙක් චෙයුංට සමානය. කෝපවූ විට පාලනයක් නොමැතිව වචන පිට කිරීමට අප පෙළඹෙන්නෙමු. ගීතාවලියේ කතෘ කළාක් මෙන් අප කොපමණ යාච්ඤා කළ යුතුව තිබේද​​: “ස්වාමිනී, මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂා කළ මැනව.”(ගීතාවලිය 141:3)

නමුත් අපට එය කළ හැකිවන්නේ කෙසේද? මෙන්න උපකාර වියහැකි උපදෙසක්: ඔබ කථා කිරීමට පෙර සිතන්න. ඔබගේ වචන යහපත්ද, උපකාරවන සුලුද, දයාන්විතද සහ කරුණාවන්තද? (එපීස 4:29-32 බලන්න)

අපගේ කට ආරක්ෂා කරගැනීමට නම් අප කෝපයට පත්වන විට කට වසාගෙන සිටීම අවශ්‍යවේ. එසේම නිවැරදි වචන නිවැරදි ස්වරයෙන් පැවසීමට හෝ, සමහරවිට කථා නොකරම සිටීමටත් දෙවියන්වහන්සේගේ උපකාරය සෙවිය යුතුවේ. අපගේ කථාව පාලනය කරගැනීම ජීවිතය පුරාම කළ යුතු වන දෙයකි. දෙවියන්වහන්සේට ස්තුති වේවා උන්වහන්සේ අප තුළ ක්‍රියා කරනසේක, අපට කැමැත්ත දෙනසේක. “මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය” ( පිලිප්පි 2:13).

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

කෝපය පහකර දැමීම

අපගේ දිනපතා ‌ෙභා්ජනය පොතෙන් ඔබ මෙම ආවර්ජනයන් 5 කියවද්දී ඔබගේ කෝපය දෙවියන්වහන්සේට යටත් කිරීම පිළිබඳව වැඩිපුර සොයා දැනගන්න.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/