කෝපය පහකර දැමීමනියැදිය

කෝපය පහකර දැමීම

5 න් 4 වන දිනය

සමාව දෙන්නේ ඇයි?

මිතුරියක් මාව පාවා දුන් විට, ඇයට මා සමාව දියයුතු බව මම දැන සිටි නමුත් එය කළ හැකිවේයැයි මට ස්ථිරත්වයක් නොතිබුණි. ඇයගේ වචන මාගේ ඇතුලාන්තයේ ගැඹුරටම ඇණී තිබුණු අතර, මා වේදනාවෙන් සහ කෝපයෙන් තෝන්තුවී සිටි බව මට හැඟුණි. ඒ ගැන අප කථා කළ අතර ඇයට මා සමාව දුන් බව පැවසුවත් දීර්ඝ කාලයක් යන තුරු ඇයව දකින සෑම වෙලාවකම මට වේදනාවේ පොඩි සම්මිශ්‍රණයක් දැනුන බැවින් මම තවමත් යම්කිසි අමනාපයක එල්ලී සිටින බව දැන ගතිමි. කෙසේ හෝ එක් දිනක් දෙවියන්වහන්සේ මාගේ යාච්ඤාවට පිළිතුරු දෙමින් එය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට හැකියාව දුන්සේක. අවසානයේදී මම නිදහස් වුනෙමි.

අපගේ මිදුම්කාරයාණන් කුරුසිය මත මැරෙන වෙලාවේදී පවා සමාව දීමෙන් පෙනෙන්නේ ‌සමාවදීම කිතුණු ඇදහිල්ලේ හදව‌තෙහිම පවතින බවයි. යේසුස්වහන්සේ උන්වහන්සේව ඇණ ගැසූ අයට ‌ආදරය ක‌ළේ ඔවුන්ට සමාව දෙන මෙන් උන්වහන්සේගේ පියාණන්ට යාච්ඤා කිරීමෙනි. උන්වහන්සේ තික්තකමට හෝ කෝපයට එල්ලී නොසිටි අතර උන්වහන්සේට වැරදි කළ අයට උන්වහන්සේ දයාව සහ අනුග්‍රහය දැක්වූසේක.

අප යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්නන් ලෙස අප විසින් සමාව දිය යුතුව තිබෙන අපට රිදවන මිනිසුන්ට ආදරය දක්වමින් සමාව දානය කිරීම ගැන ස්වාමින්වහන්සේ ඉදිරියේ සලකාබැලීමට මෙය සුදුසුම කාලයයි. සමාව දීමට දීර්ඝ කාලයක් ගතවෙනු ඇතැයි කියා අප සිතුවත් - සමාව දීමට අපට උපකාර වන ලෙස උන්වහන්සේගේ ආත්මයාණන් තුළින් අප ඉල්ලන විට අපට උපකාර වීමට උන්වහන්සේ පැමිණෙනු ඇත. අප එසේ කරනවිට සමාව නොදීමේ සිරගෙයින් අප නිදහස් වේ.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

කෝපය පහකර දැමීම

අපගේ දිනපතා ‌ෙභා්ජනය පොතෙන් ඔබ මෙම ආවර්ජනයන් 5 කියවද්දී ඔබගේ කෝපය දෙවියන්වහන්සේට යටත් කිරීම පිළිබඳව වැඩිපුර සොයා දැනගන්න.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/