කෝපය පහකර දැමීමනියැදිය

කෝපය වෙනුවට විකල්පයක්
ඕස්ට්‍රේලියාවේ, පර්ත් නගරයේදී එක් උදෑසනක ෆියොන් මල්හොලන්ඩ් නමැත්තා ඔහුගේ කාර් රථය නැති වී ඇති බව දැනගත්තේය. වැරදීමකින් ඔහු තහනම් කලාපයක තම රථය නවතා තිබුණු බවත් එය එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් ඔහු වටහාගත්තේ එවිටය. ඉවත් කිරීමේ ගාස්තුව සහ වරදට දඩය ඩොලර් 600 ක්. මල්හොලන්ඩ් නොසතුටට පත් වුනත් තත්ත්වය සලකා බැලූ පසුව කාරය ගෙන ගිය පුද්ගලයා සමඟ කෝප නොවීමට ඔහු තීරණය කළේය. රත්වූ හැඟීම් වෙනුවට මල්හොලන්ඩ් එම තත්ත්වය පිළිබඳව හාස්‍යජනක කවියක් ලියූ අතර ඉවත් කළ වාහන නවතා තබන ස්ථානයේදී ඔහුට මුණගැසුණු එම සේවකයාට ඔහු එය කියෙව්වේය. සේවකයා කවියට කැමති විය, මුණගැසීමේදී සිදුවිය හැකිව තිබුණු අවලක්ෂණ අභියෝගාත්මක කථාව සිදු නොවුනි.
“තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි.” කියා හිතෝපදේශ පොතේ 20:3 උගන්වයි. තරඟකාරිත්වය යනු යම්දෙයක් ගැන එකඟ නොවන මිනිසුන් අතර ඇතිවන මතුපිටින් නොව යටින් කැකෑරෙමින් පවතින හෝ පිටතින් විවෘතව පුපුරා යන විරෝධයකි.
අනෙක් මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් ජීවත් වීමට අවශ්‍ය සම්පත් දෙවියන්වහන්සේ අපට දී තිබේ. කෝපය දැනුනත් එය බුබුලු දමමින් උතුරන දැඩි කෝපයක් බවට පත්වෙන්නට ඉඩ නොහැරිය හැකි බවට උන්වහන්සේගේ වචනය අපට සහතික වෙයි (එපීස 4:26). අපව වියවුල් කරන මිනිසුන් වෙත කඩා පැන යම් දේවල් කිරීමට හෝ කීමට අපව උනන්දු කරවන කෝපයේ ගිනිපුපුරු පාගා දැමීමට උන්වහන්සේගේ ආත්මයාණන් අපට හැකියාව දෙනසේක. එසේම අපව කෝපකරවන බව දැනෙන විට අනුගමනය කිරීම සඳහා දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ආදර්ශය අපට දී තිබේ (1පේත්‍රැස් 2:23). එහෙත් ස්වාමිනී, ඔබ අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණවූ, කෝපවීමට ප්‍රමාදවන්නාවූ, දයාවෙන් හා සත්‍යයෙන් මහත්වූ දෙවිකෙනෙක්ය (ගීතාවලිය 86:15).
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

අපගේ දිනපතා ෙභා්ජනය පොතෙන් ඔබ මෙම ආවර්ජනයන් 5 කියවද්දී ඔබගේ කෝපය දෙවියන්වහන්සේට යටත් කිරීම පිළිබඳව වැඩිපුර සොයා දැනගන්න.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









