ඔබගේ කාලය දෙවියන් වහන්සේ උදෙසා ගෙවීමනියැදිය

ඔබේ කාලසටහන සැකසීම
ඔබේ විවේක කාලය ජීවිතය සඵලවත් කරන දේවල් සඳහා යොදවන්න. කියවීම වටිනා කාලය භාවිතා කිරීමකි. ඔගස්ටින් වරක් ඇදහිලිවන්තයන්ට උපදෙස් දුන්නේ, සියලු සත්‍යයන් දෙවියන් වහන්සේගේ සත්‍යය වන බැවින් හැකිතාක් දේවල් ඉගෙන ගන්නා ලෙසයි. සාරවත් වන අනෙකුත් උද්යෝගයන් කලා ක්ෂේත්‍රයයේ පවතී. මගේ මොළය ව්‍යායාම කිරීමට සහ වාචික ප්‍රකාශනයේ මගේ දර්ශනය පුළුල් කරගැනීම සඳහා හරස්පද ප්‍රහේලිකාවල යෙදෙන්නට මම ප්‍රිය කරමි.
"උදාසීනතාවය" මඟ හැරීමට ක්‍රම සොයන්න. රාත්‍රි 8ත් 9ත් අතර කාලය තුළ විවෙක ගැනීමට සහ හැකි විට උදෑසන 4 ට නැඟිටින්න පුරුද්දක් කර ගතිමි. මෙය මගේ කාලසටහනට අපූරු විප්ලවයක් ඇති කිරීමට බලපා ඇත. දවසේ මුල් පැය අවධානය වෙනතකට යොමු කිරීම් සහ බාධා කිරීම් වලින් තොරවු, අධ්‍යයනයට, ලිවීමට සහ යාච්ඤාව සඳහා ඉතා අනගි කාලයකි.
රිය පැදවීමේ කාලය ඉගෙනීමට භාවිතා කරන්න. මෝටර් රථයක් පැදවීම යාන්ත්‍රික කාර්යයක් වන අතර එමඟින් මාර්ගයේ සිදුවන දේට වඩා මනස අවදියෙන් තැබීමට ඉඩ සලසන්නේය. පටිගත කිරීම්වලින් විශාල වශයෙන් ප්‍රතිලාභ ගැනීමට මෙම කාලය භාවිතා කළ හැක.
අවසාන වශයෙන්, බොහෝ අවස්ථාවලදී කාලසටහනක් යනු සීමා කිරීමකට වඩා නිදහස්කමක් ගෙන දෙන්නකි. කාලසටහනක් සමඟ වැඩ කිරීම අපගේ කාලය භාවිතා කිරීම සංවිධානය කිරීමට විශාල වශයෙන් උපකාරී වේ. කාලසටහන සතුරෙකු නොව මිතුරෙකු විය යුතුය. එය දෙවියන්වහන්සේව මහිමයට පත් කරන, ඵලදායි ජීවිතයක් සඳහා රිද්මය සොයා ගැනීමට අපට උපකාර කරයි.
කොරම් ඩියෝ: දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියේ ජීවත්වීම
ඔබට කාලසටහනක් නොමැති නම්, එකක් සාදාගෙන සතියේ ඉතිරි කාලය සඳහා එය භාවිතා කරන්න. ඉන්පසු එය ඔබගේ කාලය මුදවා ගැනීමට උපකාර වූ ආකාරය තක්සේරු කර බලන්න. ඔබට දැනටමත් කාලසටහනක් තිබේ නම්, එය සමාලෝචනය කිරීමට සහ ඔබේ ප්‍රමුඛතා ගැන යාච්ඤා කිරීමට යම් කාලයක් ගත කරන්න.
ප්‍රකාශන හිමිකම © Ligonier ධූතන සේවය. R.C ස්ප්‍රවුල් වෙතින් නොමිලේ පොතක් ලබා ගන්න. Ligonier.org/freeresource.
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ආර්. සී. ස්ප්‍රවුල්ගෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබගේ කාලය ගතකරන්නේ කෙසේද යන්න ගැන දිනපතා මෙනෙහි කිරීමක්. සෑම මෙනෙහි කිරීමක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ, දෙවියන් වහන්සේගේ අධිකාරිය තුළ, දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ජීවත්වීමට කැඳවයි.
More
අදාළ/සමාන සැලසුම්

Believing God Is Good No Matter What

Listening To God

Time Management Principles From God’s Word

Seeking Daily The Heart Of God - Wisdom

Finding Your Way Back To God

A Life Of Integrity

Live By The Spirit: Devotions With John Piper

Pursuing Peace

Psalms 6-10: Your Summer in the Psalms
