ඔබගේ කාලය දෙවියන් වහන්සේ උදෙසා ගෙවීමනියැදිය

ඔබගේ කාලය කාර්යක්ෂම ලෙස භාවිතා කරන්න
මම ප්‍රාථමික පාසලේ කුඩා කාලයේ බොහෝ අය මගෙන් ඇහුවා "ඔබ කැමතිම විෂය මොකක්ද?" සෑම විටම මගේ ප්‍රතිචාරය කාරණා දෙකෙන් එකක් විය. මා එක්කෝ "නිවාඩුව" හෝ "ජිම් එක" කියා පැවසුවෙමි. මගේ පිළිතුර මගේ ගැඹුරු අපේක්ෂාවන් හෙළි කළේය. මම වැඩ කරනවාට වඩා සෙල්ලම් කළෙමි. ඇත්ත වශයෙන්ම, විශ්වය පිළිබඳ මගේ නව දාර්ශනික ප්‍රශ්ණ මම සර්කස් එකක කම්බි ඇවිදින්නෙකු ලෙස රඟමින්, මාවතක් දිගේ දෙපා ඇගිලි තුඩු වලින් පාසැලට ඇවිදයමින් සිටියදී ඇතිවූ පැණයන් විය.
මට සති අන්තයේ පමණක් සෙල්ලම් කිරීමට හැකි වන පරිදි මට කිරීමට අවශ්‍ය නැති දේ කරමින් සතියකට දින පහක් ගත කළ යුතු ජීවිතයේ අරුත මම මගෙන්ම විමසුවෙමි. පාසල ආරම්භ වීමට පැයකට පෙර මම සෑම විටම පාසල් මිදුලේ සිටියෙමි - එය මගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ඇති උද්යෝගයෙන් නොව, පාසල් සීනුව නාද වීමට පෙර ක්‍රීඩා පිටියේ පැයක පමණ කාලයක් විනෝදයෙන් ගෙවීමෙන් දෛනික ජීවිතය "මුදවා ගැනීමට" මට හැකි වනු උදෙසාය. මට නම්, කාලය මිදීම යන්නෙන් අදහස් කළේ ක්‍රීඩා කරන වටිනා මිනිත්තු නොකළ නොහැකි වූ වැඩ කිරීමේ පැය ගණනින් ගලවා ගැනීමයි.
ප්‍රේරිත පාවුල් තම පාඨකයන්ට “දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න." යි පැවසීය. (එපී. 5:16), මගේ ක්‍රියාවන් එකළ හරියටම ඔහු සිතූ දේ ගැන නොවීය. එය ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයේ ශ්‍රමය තුළ කෙනෙකුගේ කාලය ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා වූ බැරෑරුම් කැඳවීමකි.
කොරාම් ඩියෝ: දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ජීවත්වීම
දේව රාජ්‍යය උදෙසා ඔබ ඔබගේ කාලය ප්‍රයෝජනවත් ලෙස ගෙවන්නේද.
Ligonier ධුතන සේවයට© හිමිකම් අයිතිය ඇත. ආර්. සී. ස්ප්රවුල්ගෙන් නොමිලයේ පොතක් ලබා ගැනීමට Ligonier.org/freeresource.
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ආර්. සී. ස්ප්රවුල්ගෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබගේ කාලය ගතකරන්නේ කෙසේද යන්න ගැන දිනපතා මෙනෙහි කිරීමක්. සෑම මෙනෙහි කිරීමක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ, දෙවියන් වහන්සේගේ අධිකාරිය තුළ, දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ජීවත්වීමට කැඳවයි.
More
අදාළ/සමාන සැලසුම්

Believing God Is Good No Matter What

Listening To God

Time Management Principles From God’s Word

Seeking Daily The Heart Of God - Wisdom

Finding Your Way Back To God

A Life Of Integrity

Live By The Spirit: Devotions With John Piper

Pursuing Peace

Psalms 6-10: Your Summer in the Psalms
