ඔබගේ කාලය දෙවියන් වහන්සේ උදෙසා ගෙවීමනියැදිය

ඔරලෝසුව පැරදවීම
මම කාලය ජයගැනීම උදේසා උපක්‍රම කිහිපයක් ඉගෙනගතිමි. ඔබටද එය ප්‍රයෝජනවත් විය හැක..
මම තේරුම්ගත් දේ නම් මට ඇති සියළු කාලය දෙවියන් වහන්සේගේ බවත්, මම මා උදෙසා ගෙවන කාලය උන්වහන්සේ අවසර දුන් නිසා ඇති දෙයක් බවය. මම සහ මගේ කාලය අයිති උන්වහන්සේටය. මම ගබඩාකාරයා වන යම් කාලයක් උන්වහන්සේ මට දී ඇත. මට එම කාලය අන් අය ගැන සෙවීමට ඔවුන්ව බැහැදැකීමට භාවිතා කළ හැක, නමුත් එම කාලය ගැන මම වගකිව යුතුය.
කාලය අවධානය නාභිගත කිරීම මඟින් මුදවා ගත හැක. වඩාත්ම මහත් කාලය නාස්ති කිරීම් සිදුවන්නේ මනුෂ්‍යය මනස තුළය. අපගේ අත් කාර්යබහුල වුවද අපගේ මනස හිස්ය. එසේම, අපගේ මනස කාර්යබහුල අතරේ අපගේ අත් හිස්වීමට හැක. දවල් හීන දකිමින් නිකරුණේ සිතුවිලි නාස්ති කිරීම කාලය නාස්ති කිරීමක් විය හැක. අප කළ යුතු දේ ගැන අවධානය දීම—දැඩි අවධානයක් දීම—කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කිරීමට මග පාදයි.
මනසට සාමාන්‍ය කටයුතු වලට යන කාලය මුදවා ගත හැක. උදාහරණයක් ලෙස, නෑමට කළ යුතු කාර්ය ප්‍රමාණය අපහසු දෙයක් නොවේ. මෙවැනි තැනකදී මනසට ප්‍රශ්න විසඳීමට, නිර්මාණාත්මක සිතීමට හෝ තේමාවන් ගවේෂණයට නිදහස ඇත. මගේ බොහෝ දේශනා ඇරඹුනේ නානකාමරයේය. මම ගොල්ෆ් සෙල්ලම් කළ කාලයේ, පහරවල් අතර ගෙවන කාලය මනසේ පණිවිඩ ප්‍රතිපාදනය කිරීමට හොඳ වෙලාවක් කරගතිමි.
කොරාම් ඩියෝ: දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ජීවත්වීම
ඔබ අවධානය දෙන දෙය ගැන අද සිත යොමන්න. සාමාන්‍ය දේට ගතවන කාලය සදාකාලික දේ ගැන සිතීමෙන් මුදවා ගන්න.
Ligonier ධුතන සේවයට© හිමිකම් අයිතිය ඇත. ආර්. සී. ස්ප්‍රවුල්ගෙන් නොමිලයේ පොතක් ලබා ගැනීමට Ligonier.org/freeresource.
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ආර්. සී. ස්ප්‍රවුල්ගෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබගේ කාලය ගතකරන්නේ කෙසේද යන්න ගැන දිනපතා මෙනෙහි කිරීමක්. සෑම මෙනෙහි කිරීමක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ, දෙවියන් වහන්සේගේ අධිකාරිය තුළ, දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ජීවත්වීමට කැඳවයි.
More
අදාළ/සමාන සැලසුම්

Believing God Is Good No Matter What

Listening To God

Time Management Principles From God’s Word

Seeking Daily The Heart Of God - Wisdom

Finding Your Way Back To God

A Life Of Integrity

Live By The Spirit: Devotions With John Piper

Pursuing Peace

Unmuted: Find Your Voice. Walk in Your Assignment.
