උත්පත්ති 10

10
‍නෝවාගෙන් පැවත එන ජාතීන්
1නෝවාගේ පුතුන් වූ ෂේම්, හාම් හා යාෆෙත්ගේ පෙළපත මෙසේ ය. ජලගැල්මෙන් ඉක්බිති ඔවුන්ට ද පුත්තු උපන්හ.
යාෆෙත් පුත්‍රයෝ
2යාෆෙත්ගේ පුත්‍රයෝ:
ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තුබල්, මෙෂෙක් හා තීරාස්.
3ගොමෙර්ගේ පුත්‍රයෝ:
අෂ්කෙනස්, රීෆත් හා තොගර්මා.
4යාවාන්ගේ පුත්‍රයෝ:
එලීෂා, තර්ෂිෂ්, කිත්තීම්වරු හා දොදානීම්වරු. 5තම ජාතීන් ඇතුළත තමන්ගේ ම භාෂාවක් සහිත ව පෙළපත් වශයෙන් තම තමන්ගේ දේශවලට මුහුදුබඩ හා දූපත් ජනයා පැතිර ගියේ මොවුන්ගෙනි.
හාම් පුත්‍රයෝ
6හාම්ගේ පුත්‍රයෝ:
කූෂ්, මිස්රයිම්#10:6 මිස්රයිම් හෙවත් ඊජිප්තු, පූට් හා කානාන්.
7කූෂ්ගේ පුත්‍රයෝ:
සෙබා, හවීලා, සබ්තා, රාමා හා සබ්තෙකා.
රාමාගේ පුත්‍රයෝ:
ෂෙබා හා දෙදාන්.
8කූෂ්, නිම්රොද්ගේ පියා විය. නිම්රොද් මිහි පිට බලවත් රණශූරයකු බවට පත් විය. 9ස්වාමින්වහන්සේ අබියස ඔහු බලවත් දඩයක්කරුවකු ද විය. “ස්වාමින්වහන්සේ අබියස බලවත් දඩයක්කරුවකු වූ නිම්රොද් වාගේ ය” යන කියමන ඇති වූයේ එබැවිනි. 10ඔහුගේ රාජ්‍යයේ මුල් ස්ථාන වූයේ ෂිනාර් දේශයේ බාබෙල්, එරෙක්, අක්කද් හා කල්නේ ය. 11ඒ දේශයෙන් අසිරියාවට#10:11 අසිරියාවට හෙබ්‍රෙව් අෂ්ෂූර් ගිය ඔහු නිනිවය ද රෙහෙබොත්-ඊර් ද කාලා ද 12නිනිවය හා කාලා මහ පුරවරය අතර රෙසෙන් ද ගොඩ නැගී ය.
13මිස්රයිම්ගෙන්#10:13 මිස්රයිම්ගෙන් හෙවත් ඊජිප්තුගෙන් පැවත එන්නෝ නම්
ලූද්වරුන්, අනාම්වරුන්, ලෙහාබ්වරුන් හා නෆ්තුහිවරුන් යන ජනයා ද 14පත්රුස්වරුන්, කස්ලුහිවරුන් හා කෆ්තොර්වරුන් යන ජනයා ද වෙති. පිලිස්තිවරුන් පැවත එන්නේ කස්ලුහීම්වරුන්ගෙනි.
15කානාන්,
තම කුලුඳුලා වූ සීදොන්ගේ ද හේත්ගේ ද 16යෙබූසිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද 17හිවීවරුන්ගේ ද අර්කිවරුන්ගේ ද සීනිවරුන්ගේ ද 18අර්වාදිවරුන්ගේ ද සෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා විය.
(පසු කලෙක කානානිවරුන්ගේ පෙළපත් පැතිරිණි. 19කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට ගාසා තෙක් ඈතට ද සොදොම්, ගොමොරා, අද්මා සහ සෙබොයිම් දෙසට ලාෂා තෙක් ඈතට ද පැතිරිණි.)
20තමන්ගේ දේශ හා ජාතීන් තුළ තම පෙළපත් හා භාෂා වශයෙන් වූ හාම්ගේ පුත්තු ඔවුහු ය.
ෂේම් පුත්‍රයෝ
21ඒබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ මී මුත්තා ද යාෆෙත්ගේ වැඩිමල් සොහොයුරා ද වූ ෂේම්ට ද පුත්තු උපන්හ.
22ෂේම්ගේ පුත්‍රයෝ:
ඒලාම්, අෂ්ෂූර්, අර්පක්ෂද්, ලූද් හා අරාම්.
23අරාම්ගේ පුත්‍රයෝ:
ඌස්, හූල්, ගෙතෙර් හා මෂ්.
24අර්පක්ෂද්, ෂේලාගේ පියා ය.
ෂේලා, ඒබෙර්ගේ පියා ය.
25ඒබෙර්ට පුතුන් දෙදෙනෙක් උපන්හ.
ඉන් එක් කෙනකුට පෙලෙග්#10:25 පෙලෙග් එනම් බෙදීම යන නම තැබිණ. මන්ද පොළොව බෙදන ලද්දේ ඔහුගේ දවස්හි දී ය. ඔහුගේ සොහොයුරාගේ නම යොක්ටාන් ය.
26යොක්ටාන්,
අල්මෝදාද්ගේ, ෂෙලෙෆ්ගේ, හසර්මාවෙත්ගේ, යෙරාගේ, 27හදෝරාම්ගේ, ඌසාල්ගේ, දික්ලාගේ, 28ඕබාල්ගේ, අබිමායෙල්ගේ, ෂෙබාගේ, 29ඕෆීර්ගේ, හවීලාගේ හා යෝබාබ්ගේ පියා ය. ඒ සියල්ලෝ ම යොක්ටාන්ගේ පුත්‍රයෝ ය.
30ඔවුන් විසූ පෙදෙස් මේෂා පටන් පෙරදිග කඳුකරයේ සෙෆාර් දක්වා විහිදිණි.
31තමන්ගේ දේශ හා ජාතීන් තුළ තම පෙළපත් හා භාෂා වශයෙන් වූ ෂේම්ගේ පුත්තු ඔවුහු ය.
32තම ජාතීන් ඇතුළත ඔවුන්ගේ පරම්පරාවලට අනුව වූ නෝවාගේ පුතුන්ගේ පෙළපත් ඒවා ය. ජලගැල්මෙන් පසු පොළෝ තලය පුරා ජාතීන් පැතිර ගියේ මොවුන්ගෙනි.

Одоогоор Сонгогдсон:

උත්පත්ති 10: SCV

Тодруулга

Хуваалцах

Хувилах

None

Тодруулсан зүйлсээ бүх төхөөрөмждөө хадгалмаар байна уу? Бүртгүүлэх эсвэл нэвтэрнэ үү

උත්පත්ති 10-д зориулсан видео