Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

එළිදරව්ව 18

18
බබිලෝනියේ වැටීම
1ඉන්පසු තවත් දේව දූතයෙකු මහා බලයෙන් යුක්ත ව ස්වර්ගයෙන් බැස එනු දිටිමි; ඔහුගේ තේජශ්‍රීයෙන් පොළොව ඒකාලෝක විය. 2#යෙසා 13:21; 21:9; ජෙර 50:39; 51:8; එළිද 14:8ඔහු මහ හඬින් මොරගසා, “මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය. ඈ දුෂ්ටාත්මයන්ගේ වාසභවනයක් ද, සියලු අශුද්ධාත්මයන්ගේත් සියලු තුච්ඡ පිළිකුල් පක්ෂීන්ගේත් හිරගෙයක් ද වූවා ය. 3#යෙසා 23:17; ජෙර 51:7මන්ද, සියලු ජාතීහු ඇගේ තදබල කාමරාගය නමැති මද්‍යසාරය පානය කළහ. මිහි පිට රජවරු ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළහ. දේශාන්තර වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධිකකමින් ධනවත් වූ හ”යි කී ය.
4 # යෙසා 48:20; ජෙර 50:8; 51:6,45 තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි:
“මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.
5 # උත් 18:20-21; ජෙර 51:9 මන්ද, ඇගේ පාප අහස උසට ගොඩ ගැසී ඇත.
දෙවියන් වහන්සේ ඇගේ අපරාධ අමතක නොකළ සේක.
6 # ගීතා 137:8; ජෙර 50:29 ඈ කළ ලෙස ම ඈටත් කරන්න.
ඇගේ ක්‍රියා අනුව දෙගුණයක් ඈට දෙන්න.
ඈ මිශ්‍ර කර දුන් පාත්‍රය දෙගුණයකින් දැඩි කර ඈට දෙන්න.
7 # යෙසා 47:7-9 ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට, ඈට ශෝකය ද වද වේදනා ද දෙන්න.
මන්ද, ‘මම රැජිනක් ව වැජඹෙමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකය කිසි දිනක නොවිඳිමි’යි ඈ තමාට ම කියා ගන්නී ය.
8එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය.
ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය.
මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”
9 # එසකි 26:16-17 ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළ, සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඈ දවාලන ගින්නේ දුම දකින කල, 10ඇගේ වේදනාවට බයින් ඈතින් සිට, “අහෝ! අහෝ! බබිලෝනිය නම් මහා නුවර! බලවත් නුවර! එක පැයකින් තිගේ විනාශය පැමිණියේ ය”යි කියමින් හඬා වැලපෙති.
11 # එසකි 27:31,36 කිසිවෙකු තමන්ගේ වෙළඳ භාණ්ඩ තවදුරටත් මිල දී නොගන්නා බැවින්, දේශාන්තර වෙළෙන්දෝ ඈ ගැන හඬා ශෝක වෙති. 12#එසකි 27:12,13,22ඒ බඩු නම්, රන් රිදී භාණ්ඩ, මුතු මැණික්, සිනිඳු රෙදි, රත්නිල් වස්ත්‍ර, පට රෙදි, රතු විල්ලූද, නා නා විධ සුවඳ දැව, ඇත් දත් බඩු, ඉතා අනර්ඝ ලීයෙන් ද ලෝකඩින් ද යකඩින් ද කිරිගරුඬෙන් ද සෑදූ විවිධ බඩු, 13කුරුඳු, කුළු බඩු, සුගන්ධ ද්‍රව්‍ය, සුගන්ධ රස, තුවරලා, මුද්‍රික පානය, තෙල්, සිහින් පිටි, ධාන්‍ය, මහිෂයන්, බැටළුවන්, අසුන් සහ රථ, වහලුන් හා මිනිස් ජීවිත යන මේවා ය. 14“තී හදින් පැතූ යසඉසුරු තී කෙරෙන් පහ වී ගියේ ය. තිගේ සුඛෝපභෝගී බව හා මනා පෙනුම යළි නොඑන සේ සදහට ම විනාශ වී ඇතැ”යි ඔව්හු කියති. 15#එසකි 27:31,36ඈ නිසා ධනවත් වූ, මේ බඩු විකුණූ වෙළෙන්දෝ ඈ විඳින දුක් පීඩාවට බයින් තැතිගෙන ඈතින් සිට: 16“අහෝ! අහෝ! මහා නුවර! සිනිඳු රෙදි, රත්නිල් හා රතු විල්ලූ ද හැඳ, රන් හා මුතු මැණික්වලින් සැරසුණු නුවර! 17#යෙසා 23:14; එසකි 27:26-30එක පැයකින් මෙපමණ මහා ධන සම්භාරයක් නැති වී ගිය හැටි!”යි කියමින් හඬා වැලපෙති. සියලු නැව්පතියෝ ද මගීහු ද නාවිකයෝ ද මුහුදෙන් ජීවිකාව කරගන්නෝ ද, ඈතින් සිට, ඈ දවාලන ගින්නේ දුම දැක, 18#එසකි 27:32“මේ මහත් නුවරට සමාන නුවරක් තවත් ඇත් දැ”යි කියමින් මොරගැසූ හ. 19#එසකි 27:30-34; එසකි 26:21ඔව්හු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන, හඬා වැලපෙමින්, “අහෝ! අහෝ! ඒ මහා නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවත් වූ හ. එක පැයකින් ඈ නැතිනාස්ති වී ගිය හැටි”යි කියා මොරගැසුවෝ ය.
20ස්වර්ගයෙනි, සැදැහැවතුනි, අපෝස්තුළුවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.
21එවිට බලසම්පන්න දේව දූතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: “මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි. 22#යෙසා 24:8; එසකි 26:13#ජෙර 7:34; 25:10වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ. 23පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.
24 # ජෙර 51:49 දිවැසිවරයන්ගේ ද සැදැහැවතුන්ගේ ද මිහි පිට මරනු ලැබූ සියල්ලන්ගේ ද ලේ, ඈ තුළ දක්නා ලදී.”

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió