Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

එළිදරව්ව 15

15
වසංගත සත
1ස්වර්ගයෙහි තවත් විස්මයජනක මහා ලකුණක් දිටිමි. දේව දූතයෝ සත් දෙනෙක් වසංගත සතක් රැගෙන සිටියෝ ය. මේවායින් දෙවියන් වහන්සේගේ උදහස අවසාන වන බැවින්, ඒවා අන්තිම වසංගත වේ.
2ගිනි මුසු වීදුරු සාගරයක් වැනි දෙයක් ද, මෘගයාගෙනුත්, උගේ රූපයෙනුත්, උගේ නාමයේ සංබ්‍යාවෙනුත් දැක්වෙන ජයගත් අය, දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනු දිටිමි. 3#නික්ම 15:1 ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ:
“සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය.
ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.
4 # ගීතා 86:9; ජෙර 10:7 ස්වාමීනි ඔබ වහන්සේට බිය නොවන්නේත්, ඔබ වහන්සේගේ නාමයට ගෞරව නොකරන්නේත් කවරෙක් ද?
ඔබ වහන්සේ පමණක් සුවිශුද්ධ බැවිනි;
සියලු ජාතීහු පැමිණ, ඔබ වහන්සේ ඉදිරියේ නමස්කාර කරති.
මන්ද, ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේ ය.”
5 # නික්ම 38:21 ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපය වන ඇතුළු ශුද්ධස්ථානය ඇරී, 6වසංගත සතේ දේව දූතයන් සත් දෙනා පිටතට ආවෝ ය. ඔව්හු දිළිසෙන පිරිසිදු වස්ත්‍ර ඇඳ, තමන්ගේ ළයෙහි රන් පටි බැඳගෙන සිටියෝ ය. 7එවිට ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙක්, සදහට ම ජීවත් වන දෙවියන් වහන්සේගේ උදහසින් පිරුණු, රන් පාත්‍ර සතක් දේව දූතයන් සත් දෙනාට දුන්නේ ය. 8#නික්ම 40:34; 1 රාජා 8:10-11; 2 වංශා 5:13-14; යෙසා 6:4එවිට දේව මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේ ය. ඒ නිසා, දේව දූතයන් සත් දෙනාගේ වසංගත සත කෙළවර වන තුරු දේව මාලිගාවට ඇතුළු වීමට කිසිවෙකුට නුපුළුවන් විය.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió