සෙකරියා 6
6
සතර අශ්ව-රථ
1යළිත් මම ඇස් ඔසවා බැලීමි. එවිට මෙන්න! කඳු දෙකක් අතරින් පිටත් ව එන අශ්ව-රථ හතරක්! ඒ කඳු ලෝකඩ කඳු ය. 2පළමු රථයට රතු අශ්වයින් ද දෙවැන්නට කළු අශ්වයින් ද 3තෙවැන්නට සුදු අශ්වයින් ද සිවු වැන්නට පුල්ලි අශ්වයින් ද යොදවා තිබිණි. උන් සැවොම ශක්තිමත් ය. 4මා හා කතා කළ දේව දූතයාගෙන්, “මේ මොනවා ද මා මැතිඳුනි?” යි මම ඇසීමි.
5දේව දූතයා පිළිතුරු දෙමින්, “මොවුහු සමස්ත පොළොවේ ම ස්වාමින්වහන්සේ අබියස පෙනී සිට, පිටත් ව යන ස්වර්ගයේ සුළං සතර ය. 6කළු අශ්වයින් බැඳි රථය උතුරු දිග දේශයට ද සුදු එවුන් ඔවුන්ට පස්සෙන් ද පුල්ලි අශ්වයින් බැඳි රථය දකුණු දිග දේශයට ද යයි.”
7මෙසේ පිටත් ව ආ ඒ ශක්තිමත් අශ්වයෝ පොළොව සිසාරා යෑමට නො ඉවසිලිමත් වූහ. එවිට ඔහු කතා කොට, “යනු! පොළොව සිසාරා යනු” යි කී ය. එවිට ඔවුහු පොළොව සිසාරා ගියහ.
8එකල මා ඇමතූ ඔහු, “මේ බලන්න! උතුරු දේශය දෙසට යන්නෝ උතුරු දේශය තුළදී මගේ ආත්මයට සැනසීම ගෙන දුන්නෝ යැ” යි පැවසී ය.
යෝෂුවාට ඔටුන්නක්
9 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 10“බබිලෝනියේ සිට පැමිණි පිටුවහලුන් වූ හෙල්දයි වෙතින් ද ටෝබීයා වෙතින් ද යෙදායා වෙතින් ද රිදී සහ රන් ගෙන, ඒ දවසේ ම සෙෆනියාගේ පුත් යොෂීයාගේ නිවසට යන්න. 11ඒ රිදී හා රන් ගෙන, එයින් ඔටුන්නක් සාදා, යෙහෝසාදාක්ගේ පුත් වූ උත්තම පූජක යෝෂුවාගේ හිසෙහි එය පලඳවන්න. 12සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැයි ඔහුට කියන්න: ‘මෙන්න, ශාඛාව නමින් හැඳින්වෙන මිනිසා. මන්ද ඔහු තම ස්ථානයේ සිට අතු විහිදා වැඩෙයි. ඔහු ස්වාමින්වහන්සේගේ මාලිගය ගොඩ නගනු ඇත. 13ස්වාමින්වහන්සේගේ මාලිගය ගොඩ නගන තැනැත්තා ඔහුයි. ඔහු රාජශ්‍රීයෙන් පලඳවනු ලැබ, ඔහුගේ සිහසුන අරා හිඳ, රජකම් කරනු ඇත. හෙතෙම තමාගේ සිහසුන මත පූජකයකු ද වනු ඇත. මෙසේ මේ තනතුරු දෙක අතරේ සන්හිඳියාව පවතිනු ඇත.’ 14එම ඔටුන්න හෙල්දයි#6:14 හෙල්දයි හෙබ්‍රෙව් හේලෙම් ද ටෝබීයා ද යෙදායා ද සෙෆනියාගේ පුත් යොෂියා#6:14 යොෂියා හෙබ්‍රෙව් හේන් ද යන අය සඳහා සිහිවටනයක් කොට ස්වාමින්වහන්සේගේ මාලිගයෙහි තිබෙනු ඇත. 15ඈත එපිට සිටින්නන් ද අවුත්, ස්වාමින්වහන්සේගේ මාලිගය ගොඩ නැගීමට සහයෝගය දෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේ ම ඔබ වෙතට මා එවූ වග එවිට ඔබ දැනගනු ඇත. මෙසේ වන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට උද්යෝගී ව ඔබ කීකරු වූවොත් ය.”
Nu markerat:
සෙකරියා 6: SCV
Märk
Dela
Jämför
Kopiera
Vill du ha dina höjdpunkter sparade på alla dina enheter? Registrera dig eller logga in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.