පසුතැවීමේ ක්‍රියානියැදිය

51 වන ගීතිකාව දාවිත් බෙත්ෂෙබා සමඟ කළ පාපය සිහි කරමින් පසුතැවිලි වීමේ විලාපයයි. දෙවියන්වහන්සේ ඉදිරියේ දණින් වැටී, මහත් හඬින් වැලපෙමින් සමාව ඉල්ලා යදින දාවිත්ගේ රෑපය ඔබට සිතෙන් මවා ගත හැකිය. තවද මෙම ගීතිකාව අපට අපගේ ජීවිතයේ පසුතැවිල්ල කෙබඳු විය යුතුද යන්නද පිළිබිඹු කරයි. පළමුවෙන් දාවිත් තම පාපය පිළිගනී. ඊළඟට ඔහු ඊට සමාව ඉල්ලයි. ඉන් අනතුරුව ඔහු තමාගේ දිවිය අළුත් කරණ ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටී. අන්තිමේදී පාපයේ නියුක්තවන්නන්ට සහ පසුතැවීමේ අවශ්‍යතාව ඇති අයට උගැන්වීමට තම පාපය භාවිතා කරණ ලෙස ඔහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටී. ඔබේ ජීවිතයේ පසුතැවිල්ල මොන වාගේද? පසුතැවිලි වීම ගැන දාවිත්ගේ ආදර්ශය දෙවියන්වහන්සේ සමඟ ඔබේ සම්භන්ධතාවය ශක්තිමත් කර ගැනීමට යොදා ගත හැක්කේ කෙසේද?
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

පසුතැවීම, ක්‍රිස්තුස්වහන්සේ අපගේ පෞද්ගලික ගැලවුම්කරුවා ලෙස දැන ගැනීම උදෙසා අප සියලු දෙනා විසින් කටයුතු ප්‍රධාන කාරියකි. පසුතැවීම අප විසින් කළයුත්තක් වන අතර, සමාව දීම උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමයෙන් දෙවියන්වහන්සේ දක්වන ප්‍රතික්‍රියාවකි. මෙම දින 5 ක කියවීම් මාලාව තුළදී, දිනපතා කියවීම සඳහා බයිබල පාඨ මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ සමග ගමන් කිරීමේදී පසුතැවීමේ වැදගත්ම වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද කෙටි ලිපි ඔබ හට ලැබෙනු ඇත. වැඩි විස්තර සඳහා www.finds.life.church බලන්න
More
We would like to thank Life.Church for providing this plan. For more information, please visit: www.life.church
අදාළ/සමාන සැලසුම්

Experiencing God's Renewal

Remembering All God Has Done

Soul Detox

Using Your Time for God

The Better Reading Plan

Believing God Is Good No Matter What

Changed: Next Steps for a Changed Life

Encouraging a Prayer Habit in Your Kids

Launching a Business God's Way
