ගීතාවලිය 56:2-5 - Compare All Versions

ගීතාවලිය 56:2-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මට අපහාස කරන්නෝ දවස පුරා මා ලුහුබඳිති; බොහෝ දෙනෙක් උඩඟුකමින් යුතු ව මට පහර දෙති. මා බියපත් වූ කල, මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේට ය. එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; හුදු මිනිසා මට කුමක් කරන්න ද? දවස මුළුල්ලේ ඔවුහු මගේ වචන කණපිට පෙරළති; හැම විටෙක ම ඔවුහු මට අනර්ථයක් කරන්නට කුමන්ත්‍රණ කරති.

බෙදාගන්න
ගීතාවලිය 56 SCV

ගීතාවලිය 56:2-5 SROV (Sinhala Revised Old Version)

මාගේ එදිරිකාරයෝ දවස මුළුල්ලේම මා ගිලදමන්ට කැමැත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක්ම උඩඟු කමින් මට විරුද්ධව යුද්ධකරති. මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි. මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද? දවස මුළුල්ලේම ඔව්හු මාගේ වචන වරදවා පෙන්වති. ඔවුන්ගේ කල්පනා සියල්ලම මට උපද්‍රව පිණිසය.

බෙදාගන්න
ගීතාවලිය 56 SROV

ගීතාවලිය 56:2-5 NRSV (Sinhala New Revised Version)

සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද? ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය; ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.

බෙදාගන්න
ගීතාවලිය 56 NRSV

ගීතාවලිය 56:2-5 SNRV (Sinhala New Revised Version 2018)

සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමාණෝ තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද? ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය; ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.

බෙදාගන්න
ගීතාවලිය 56 SNRV

ගීතාවලිය 56:2-5 NIV (New International Version)

My adversaries pursue me all day long; in their pride many are attacking me. When I am afraid, I put my trust in you. In God, whose word I praise— in God I trust and am not afraid. What can mere mortals do to me? All day long they twist my words; all their schemes are for my ruin.

බෙදාගන්න
ගීතාවලිය 56 NIV